උපසම්පදා විනය කර්මය පවා කල් දැමුවා නම් මහ මැතිවරණය කල් දමන්න බැරි ඇයි ? – මහා සංඝරත්නයෙන් මැකොට ලියුමක්
- RSL
- April 20, 2020
- උණුසුම් පුවත්, දේශපාලන
- featured
- 0 Comments
සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය විසින් පසුගිය 18 වැනිදා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත විශේෂ ලිපියක් යොමු කළා. භික්ෂූන් වහන්සේලා 25 නමකගේ අත්සනින් යුතු එම ලිපිය මගින් අවධාරණය කරන්නේ කොරෝනා ගෝලීය වසංගත තත්ත්වය හමුවේ ලංකාවේ මහා මැතිවරණ පැවැත්වීම කිසිසේත් ම සුදුසු නොවන බව මහා සංඝරත්නයේ අදහස බවයි.
උන් වහන්සේලා සිය නිවේදනය මගින් වැඩි දුරටත් අවධාරණය කරන්නේ කොරෝන වසංගත තත්ත්වය හමුවේ අස්ගිරි මල්වතු විහාර පාර්ශවවල උපසම්පදා පුණ්‍ය කර්ම පවා කල් තබා ඇති බවයි. එම නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා.



