ඉන්ධන මිල පහළ නොදැම්මොත් ධීවරයින් වර්ජනයකට සුදානම්

Spread the love

ඉන්ධන මිළ ඉහළ දැමීම නිසා රට පුරා සිටින ධීවරයින් දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටින බවත්,මෙම තත්ත්වයට සාධාරණයක් ඉටු නොවන්නේ නම් රට පුරා දැවැන්ත විරෝධතාවයන් පැවැත්වීමට තමන්ට සිදුවන බව සමස්ථ ලංකා බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති සුජිත් සමන්ත මහතා පැවසීය.

තව දුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද කියා සිටියේය.

‘රට පුරා බහු දින යාත්‍රා 4650 ක් පමණ තියනවා.ඉන්ධන මිළ ඉහළ දැමීම නිසා මේ බහු දින යාත්‍රා හිමියන් අද ලොකු පීඩාවකට පත් වෙලා ඉන්නේ.රජය කිවේවේ ධීවරයින්ට ඉන්ධන සහනයක් ලබා දෙනවා කියලයි.අපේ සමහර බහු දින යාත්‍රා හිමියන් තමන්ගේ යාත්‍රා  වලට අඩු මිළට ඉන්ධන මිළදී ගන්න බලා ගෙන හිටියා.ඒත් රජය එක පාරටම කළේ ඉන්ධන මිළ කිසිවෙකුත් නොසිතූ ආකාරයට ඉහළ දැමීමයි.මේක අපිට ලොකු ප්‍රශ්ණයක්. එක වෙලාවකට වැඩි කරනවා.තවත් වෙලාවකට අඩු කරනවා.මේක විහිළුවක් නෙමෙයිද කියලා මම අහන්න කැමතියි.‘

RSL

Related Posts