ඉන්දිය AstraZeneca’s COVISHIELD එන්නත 28දා ලංකාවට
- RSL
- January 26, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ඉන්දියාවේ නිෂ්පාදිත AstraZeneca’s COVISHIELD ලක්ෂ 05ක ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකා රජය වෙත ලබාදීමට ඉන්දීය රජය තීරණය කර ඇති අතර එම එන්නත් තොගය ලබන 28 වැනිදා ලංකාවට ළඟාවීමට නියමිත බවත් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (26) දින නිකුත් කළ අමාත්‍ය මණ්ඩල තීරණවල සඳහන් වේ.
මෙම එන්නත් තොගය පිළිබඳව ඉන්දීම මහකොමසාරිස්වරයා විසින් ශ‍්‍රී ලංකා අගමැතිවරයා දැනුවත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රජයේ ප‍්‍රසාදය හා කෘත්‍යඥතාවය ඉන්දීය රජයට පළ කිරීමට පසුගිය 25 වැනිදා රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන සබඳතාවය සහ කොවිඞ්-19 වසංගතය මුහුණදීමේදී පසුගිය වසරක කාලය තුළ දෙරට අතර පැවති සහයෝගීතාවය සැලකිල්ලට ගනිමින් ඉන්දියාව විසින් මෙම එන්නත් තොගය නොමිලේ පරිත්‍යාග කරන බවයි වාර්තා වන්නේ.

