ඉන්දියාව නොමිලේ දෙන කොවිඩ් එන්නත 27 දා ලංකාවට – ජනපති
- RSL
- January 23, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ඉන්දීය රජය නොමිලේ දෙන කොවිඩ් මර්දන එන්නත් පළමු තොගය ලබන 27 බදාදා දිවයිනට ගෙන එන බවත් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සාමාජිකයන් එන්නත් කිරීම පසුදිනම (28) ආරම්භ කරන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.
ඉන්දියාව, චීනය සහ රුසියාව සමග දැනටමත් සාකච්ඡා කර ඇති පරිදි අවශ්‍ය එන්නත් ප්‍රමාණය කඩිනමින් ගෙන්වා ගැනීමට සියලු පියවර ගෙන ඇතැයි ද ජනපතිවරයා කියා සිටී.
අද (23) පෙරවරුවේ කලුතර, වලල්ලාවිට, යට්ටපාත ග්‍රාමයේ පැවති “ගම සමග පිළිසඳර” හත් වැනි වැඩසටහනට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

