ඉන්දියාවේ විදේශ කටයුතු ඇමති ශ්‍රී ලංකාවට

Spread the love

තෙදින සංචාරයක් සදහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා හෙට (05) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.   

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. 

2021 වසරේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ පළමු විදේශ සංචාරය මෙය වන අතර නව වසරේදී ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සම්භාවනීය අමුත්තෙකුගේ පළමු සංචාරය ද මෙය වේ. 

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයකට අනුව එම සංචාරය සිදුවේ. 

Tags: