ඉන්දියාවේ මහ කොමසාරිස් ලෙස මිලින්ද මොරගොඩ නම් කරයි
- RSL
- September 10, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය, ජපානය සහ ඉන්දියාව ඇතුළු ශ්‍රී ලංකාවට අතිෂය වැදගත් රටවල් 06ක් සඳහා රාජත්‍රාන්ත්‍රිකයින් පත් කිරීම සඳහා පාර්ලිමේන්තු උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතියට යොමු කර තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව ඇෆ්ගනිස්ථානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස විශ්‍රාමික අද්මිරාල් කේගකේගවීගපී හරිචන්ද්‍ර ද සිල්වා මහතා නම් කර තිබේග
ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස සංජීව් ගුණසේකර මහතා අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස රවිනාත් අරියසිංහ මහතා
ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මහාචාර්ය ශනිකා හිරිබුරේගම මහත්මිය චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ආචාර්ය පාලිත කොහොන මහතා
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස මිලින්ද මොරගොඩ මහතා ඇෆ්ගනිස්ථානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස විශ්‍රාමික අද්මිරාල් කේ.කේ.වී.පී හරිචන්ද්‍ර ද සිල්වා මහතා
අදාළ පත් කිරිම් සම්බන්ධයෙන් ඕනෑම පුද්ගලයෙකුට කරුණූ දැක්විය හැකි අතර එම කරුණු දැක්වීම සැප්තැම්බර් 23 වන දින හෝ එදිනටට පෙර ලිඛිතව දැනුම්දිය යුතු බව උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව දැනුම් දී ඇත.
මෙම නව රාජතාන්ත්‍රිකයින් පත් කිරිමට අදාළව උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ඇනුමැතිය හිමි වූ වහාම ඔවුන් අදාළ තනතුරුවල රාජකාරි කටයුතු ආරම්භ කිරිමට නියමිත බව ද වාර්තා වේ.

