ඉදිරි පැය 24 තුළදී සුළි කුණාටුවක් – දිවයින පුරා වැසි සහ සුළං
- RSL
- December 1, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2020 දෙසැම්බර් මස01 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලද හෙට (02) දිනය සඳහා කාලගුණ අනාවැකිය.

ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමට ඉහල හැකියාවක් පවතින බැවින් දිවයින පුරා වැසි සහ සුළං තත්ත්වයේ සැලකිය යුතු වැඩි වීමක් අපේක්ෂා කෙරේ.
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන තත්ත්වය අද උදේ 11.30 වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වී ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් කි.මී. 500 ක් දුරින් ස්ථානගතව ඇත. මෙම පද්ධතිය ඉදිරි පැය 24 තුලදී සුළි කුණාටුවක් දක්වා වර්ධනයව වනු ඇත.
මෙම පද්ධතිය බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර මඩකලපුව සහ පේදුරු තුඩුව අතරින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට බදාදා (දෙසැම්බර් 02) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වීමට වැඩි හැකියාවක් ඇත.
නැගෙනහිර,උතුරු, උතුරු මැද,වයඹ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇතිවේ. ඇතැම් ස්ථානවල මි.මී. 200 ට වැඩි ඉතා තද වැසිද ඇතිවිය හැක.
සෙසු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇතිවේ. ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසිද ඇතිවිය හැක.
උතුරු, උතුරු මැද, නැගෙනහිර ,වයඹ සහ බස්නාහිර, මධ්‍යම සහ සබරගමුවපළාත්වල විටින් විට පැ.කි.මි.(80 –90) පමණ දක්වා වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇතිවේ.
සෙසු ප්‍රදේශ වල විටින් විට පැ.කි.මි.(60 –70) පමණ දක්වා වන තද ප්‍රහාරාත්මක සුළං ඇති විය හැක.
ඇතිවිය හැකි අයහපත් කාලගුණික තත්වය පිළිබද විමසිලිමත්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
| ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන තත්ත්වය අද උදේ 11.30 වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වී ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් කි.මී. 500 ක් දුරින් ස්ථානගතව ඇත. මෙම පද්ධතිය ඉදිරි පැය 24 තුලදී සුළි කුණාටුවක් දක්වා වර්ධනයව වනු ඇත.මෙම පද්ධතිය බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර මඩකලපුව සහ පේදුරු තුඩුව අතරින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට බදාදා (දෙසැම්බර් 02) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වීමට වැඩි හැකියාවක් ඇත. එබැවින් 05N-12N සහ 82E-90E අතර මුහුදු ප්‍රදේශවල නිරන්තර වැසි, තද හෝ ඉතා තද ප්‍රහාරාත්මක සුළං සහ රළු හෝ ඉතා රළු මුහුදු ප්‍රදේශ ඇතිවිය හැක.දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධිවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස අවවාද කරනු ලැබේ.ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ. |
| වැසි තත්ත්වය: |
| කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට ඉතා තද වැසිද ඇතිවිය හැක. සෙසු මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇති වේ. |
| සුළඟ: |
| දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමයි. සුළගේ වේගය පැ.කි.මී. (40-50) පමණ වේ.පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ පොතුවිල්හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (80-90) දක්වා වැඩිවිය හැක. සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) දක්වා වැඩිවිය හැක |
| මුහුදේ ස්වභාවය: |
| දිවයින වටා වන මුහුදු ප්‍රදේශ තරමක් රළු වන අතර කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු හෝ දළ රළු විය හැක. ගාල්ල සිට කොළඹ හරහා පුත්තලම දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැක. කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශ වල මුහුදු රළ මීටර්(2.0-3.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතී. |

