ඇඳිරි නීතිය තිබියදී ‘ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම’ සිදු වන්නේ මෙහෙමයි !
- RSL
- May 4, 2020
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම සිදු වන්නේ කෙසේ ද ? මැයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (4) දින මාධ්‍ය නිවේදනයක් මගින් වැඩි දුර කරුණු පැහැදිලි කිරීමක් කළා. කරුණු 05ක් යටතේ පෙළ ගස්වා ඇති එහි සදහන් වන්නේ ඇඳිරි නීතිය ලිහිල් කළද මෙම උපදෙස් පිළිපදිමින් ජනයා අනවශ්‍ය ලෙස ඒකරාශී වීමෙන් වැළකී සිටිනු ඇතැයි රජය අපේක්ෂා කරන බවයි.
ඇඳිරි නීතිය තිබියදී, ආර්ථික සහ ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම සිදුවන අතර වෛරස ව්‍යාප්තිය වළක්වා ගනු පිණිස ජනයා ඒකරාශීවීම පාලනය කිරීම මේ විධිවිධාන වල ප්‍රධාන අරමුණ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරන්නේ.
උක්ත වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කලින් නිවේදනවල ඇතුළත් කොන්දේසි නෙවෙනස්ව පවතින බව ද එහි සදහන්.
එම නිවේදනය සම්පූර්ණයෙන්ම මෙසේයි,



