ඇතැම් පොලිස් නිලධාරීන් බොරු චෝදනා මත ස්ථානීය දඩ නියම කරනවා

Spread the love

රථ වාහන පොලිසියේ ඇතැම් නිලධාරීන්, මාර්ග ධාවනය පිළිබඳ වැරැදි සම්බන්ධයෙන් රියැදුරන් හට අසත්‍ය චෝදනා එල්ල කරමින් ස්ථානීය දඩ නිකුත් කරන බවට සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරයි.

ශ්‍රී ලංකාවේ මෝටර් රථ පනත උල්ලංඝනය කරමින් සිදු කරන රථවාහන වැරැදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට, එම වරද සිදු කරන තැනැත්තාට ස්ථානීය දඩ ගැසීමට මෙන්ම අධිකරණ හමුවේ නඩු පැවැරීමටත් පහසුකම් සලසා තිබියදී ඇතැම් නිලධාරීන් අසත්‍ය චෝදනා එල්ල කරමින් ස්ථානීය දඩ නිකුත් කරන බව එම සංගමය සඳහන් කරයි.

2009 අංක 8 දරන සංශෝධිත මෝටර් රථ පනතට අනුව එලෙස අය කරගන්නා දඩ මුදල්වලින් යම් කොටසක් පොලිස් නිලධාරීන්ට තෑගි මුදල් ලෙස ලැබීමත්, වෙනත් වාහනයක් සිදු කෙරූ මාර්ග නීති උල්ලංඝනය කිරීමක් නිසා අදාළ නීති රෙගුලාසිවලට අනුකූල විය නොහැකි වීම, පොලිස් නිලධාරීන්ගේ විධාන සංඥා නිසි ආකාරව රියැදුරන් වෙත සන්නිවේදනය නොවීම සහ රියැදුරා වරද කරන ස්ථානය නිසිආකාරව නොපෙනෙන ස්ථානයක සැඟව සිට පොලිස් නිලධාරීන් වාහන නිරීක්ෂණය කිරීම ඇතුළු සිදුවීම් කිහිපයක් මුල් කරගෙන මෙලෙස අසත්‍ය චෝදනා කරමින් ස්ථානීය දඩ අයකරන බවට එම සංගමය පෙන්වා දෙයි.

RSL

Related Posts