ආසියානු රටවලදී පමණක් දැකිය හැකි ‘අපූරු‘ අවස්ථා 20ක ඡායාරූප 20ක්
- RSL
- November 7, 2020
- Photo Stories
- featured
- 0 Comments
ඔබ – මා ජීවත් වන ‘ආසියානු රටවල්‘ කියන්නේ විස්මිත රටවල්. විචිත්‍රවත් සංස්කෘතිය, විස්මිත ස්වභාවික පරිසරය පමණක් නොවෙයි සිරිත් – විරිත් පවා විස්මිත බවයි කියන්න තියෙන්නේ.
ඉතිං ඔබ ලංකාවෙන් පිට වෙනත් ආසියානු රටවලට ගොස් තිබේ නම්, එය අධි තාක්ෂණික ජපානය, ශිෂ්ට තායිලන්තය හෝ ඉන්දුනීසියාවේ සමහර වනාන්තර වේවා, ඕනෑම මොහොතක සියලු ආකාරයේ අමුතු දේවල් දැකීමට අපේක්ෂා කළ හැකියි.
ඒත් ලංකාවේ ඔබ ආසියානු රටවල් දිහා බලන ආකාරයට නොවෙයි බටහිර ජාතීන් ආසියාව දිහා බලන්නේ. ඊට වෙනස් කෝණයකින්. ඒකට සංස්කෘතිය, ඔවුන් ලබා ඇති ආර්ථික දියුණුව වගේම යටත්විජිතවාදී මානසිකත්වයත් බලපානවා.
ඉතිං, බටහිර ජාතිකයෙකුගේ ඇසින් බලන විට (ඇතැම් විට ඔබට පවා) ආසියාවේ විස්මිත අවස්ථාවාල ඡායාරූප 20ක් අපි ඔබට ඉදිරිපත් කරනවා.
බලන්න මේවා දැක්කාම ඔබත් විස්මියට පත් නොවේවිද කියලා.
වීදි පුරා යන ගවයින්- ‘ගවයා‘ කියන්නේ ඉන්දියාවේ පූජනීය සතෙක්. නීතිය මගින් පවා ඔවුන්ව ආරක්ෂා කරලා තිබෙනවා. ඒ නිසා ගවයා කියන්නේ ඉන්දියාවේ අතිෂය සුලභ දසුනක්. ගමේ, නගරයේ, දිල්ලිය වාගේ මහා නගරවලත් ඔවුන් සුලභව හමු වෙනවා. ඒත් ඇත්තටම ඉන්දියාවේ නාගරික ජනතාවට නම් මේ වන විට මේ ගවයින් මහත් හිසරදක් වෙලා තිබෙනවා. මහා මාර්ග, විදී පමණක් නොව පදික වේදිකා පවා අවහිර කරමින් රංචු පිටින් ගමන් කරන මේ පූජනීය සතා විදේශිකයින්ට නම් ඇසට රසදුනක්.

ජපානය කියන්නේ ආසියාවේ අභිමානය. ලෝකයේ දියුණුම රටවල් කිහිපය අතරින් මුලින්ම සිටින රටක්. තාක්ෂණය වගේම ජපන් සංස්කෘතියත් ලෝකයේම ආකර්ෂණය දිනා ගන්නවා. ඒ වගේම තමයි ජපන් ආහාර සංස්කෘතිය. ඉතිං, ‘චෙරි‘ කියන්නේ ජපන් සංස්කෘතියේම කොටසක්. චෙරි පලතුරක් වගේම පානයක් ලෙසත් ජපානයේ බොහෝ ජනප්‍රියයි. ඒත් ඔබ කිසිදාක චෙරිමල් ආහාරයක් ලෙස සකස් කර ඇතැයි විශ්වාස කළාද ? එසේ නම් මේ ඡායාරූපය බලන්න. මේ සුන්දර චෙරිමල් ආහාරයක් ලෙස සකස් කර ඇති ආකාරයයි.

බොහෝ ආසියානු ව්‍යාපාර බොහෝ විට දැනටමත් ප්‍රසිද්ධ වී ඇති විශාල වෙළඳ නාම වලින් ආස්වාදයක් ලබනවා. ඉතින් ඔවුන්ගේම නිෂ්පාදනයක් සඳහා යම් අවධානයක් ලබා ගැනීමට එම කීර්තිය භාවිතා නොකරන්නේ ඇයි? පරිගණක මෘදුකාංග වෙළඳපොලේ නව තරඟකරුවෙකු වන ජපානයේ Binbows” තමයි මේ ඡායාරූපයේ සිටින්නේ.

මේ කතාවත් ජපානයට සම්බන්ධයි. ජපන් කුටුම්භවල ඇති ප්‍රධාන නීතිවලින් එකක් නම් ඔබ නිවසට ඇතුළු වන විට ඔබේ සපත්තු ගළවා දැමීමයි. මෙම නියමය බොහෝ පොදු ස්ථාන සඳහා ද අදාළ වේ! ජපානයේ පොදු වැසිකිළියකට ඇතුළු වීමට පෙර ඔබ පැළඳිය යුතු සෙරෙප්පු මෙන්න.

කුඩා පොලිතින් බෑගයකට දමාගත් තේ පැන් පානය කරන වීදි වෙළෙදුන් ඔබත් දැක ඇතිවාට සැකයක් නැහැ. මොකද ලංකාවෙත් විදී වෙළෙදුන් අතර එය සුලභ පුරුද්දක්. මේ අපිව අනුකරණය කළා ද කියලා හිතෙන අපේ අසල්වැසි මියන්මාරයේ ඡායාරූපයක්. ඔබ මියන්මාරයේදී කොතැනක හෝ රැගෙන යා හැකි තේ ඉල්ලුවොත්, ඔබට එය ප්ලාස්ටික් බෑගයක ද ලැබෙනු ඇත.

මෙම දැවැන්ත හරිත QR කේතය තිබෙන්නේ චීනයේ. එය නිර්මාණය කිරීම සදහා චීනයේ ගස් 130,000 කට වඩා භාවිතා කර ඇති බවයි වාර්තා වෙන්නේ. ඒත් ඔබට කිසිදාක මෙය භූමියේ සිට දැක ගැනීමට වාසනාවක් නැහැ. එය නැරඹිය හැකි වන්නේ ‘කුරුළු ඇසකින්‘ පමණයි. WeChat නම් චීන ඇප් එක සඳහා තමයි මෙය නිර්මාණය කර තිබෙන්නේ.

ජපන් ජාතිකයින් සනීපාරක්ෂාව ගැන වගේම තම දරුවන් ගැනත් දැඩි අවධානයක් යොමු කරනවා. මේ ඊට හොද උදාහරණයක්. ජපානයේ සියලුම පොදු වැසිකිළි ළදරුවන් සදහාම නිර්මාණය කළ මෙම කොමඩ්වලින් සමන්විතයි.

ඔබ මහරගම රෙදිවලට ප්‍රසිද්ධ පමුණුව පාරේ ගමන් කර තිබේ නම් තායිලන්තයේ මේක්ලෝන්ග් දුම්රිය Maeklong railway මාර්ගයේ දැකිය හැකි මේ දසුන එතරම් දෙයක් නොවනු ඇති.

ලොව ප්‍රකට වෙළඳ නාම භාවිතා කිරීම ජපානයේ පමණක් නොවෙයි අපේ අසල්වැසි ඉන්දියාවේ ද සුලභ දසුනක්. ලංකාවේ තත්ත්වය මීට දෙවැනි නැහැ නේද ?

ජපන් ජාතිකයන් ඉතා සුවිශේෂී හා මුදු මොළොක් හැඟීමක් ඇති අය ලෙස ප්‍රසිද්ධයි. ඔවුන් සෑම දේකටම සෞන්දර්යාත්මක පෙනුමක් ලබාදීමට කැමතියි. මේ මෑන්හෝල් ආවරණ දුටුවිට ඒ කතාව තවත් තහවුරු වෙනවා නේද ?

සැන්ටිසුක් Santisuk නම් 5 හැවිරිදි වඳුරෙකුගේ අතක් කැඩුණා. ඉතිං මොකද කරන්නේ කැලේ සතා වුණත් ප්‍රතිකාර කළ යුතුයිනේ. බලධාරීන් තායිලන්තයේ ප්‍රාදේශීය සායනයක දී ඔහුට ප්‍රතිකාර කළා. ටික දිනකින් සැන්ටිසුක් සනීප වුණා.එහෙත් ඔහුගේ භාරකාරයෙක් ඉදිරිපත් වුණේ නැහැ. මේක දැක්ක තායි පොලිසියට අපූරු අදහසක් ආවා. ඔවුන් මේ වදුරාව පුහුණුකර අපූරු කටයුත්තකට යොදා ගත්තා. ඒ පොලිසිය විසින් නවත්වනු ලබන මිනිසුන්ගේ ආතතිය සමනය කිරීම සඳහා දැන් ඔහු පාර අයිනේ පොලිස් මුරපොළක සේවයට යොදවා තිබෙනවා.

කුරුළු වසුරු වලින් විවිධ ලෙඩ රෝග ආසාදනය විය හැකියි. ඒ අතර ආසියානු නගරවල අතිෂය සුලභ පරවියන් ද සිටිනවා. එබැවින් පරවියන් පෝෂණය නොකරන්න!

පිරිසිදුකම සම්බන්ධයෙන් සිංගප්පූරුව ඉතා දැඩි නීති ක්‍රියාත්මක රටක්. ඔබ සිංගප්පුරුවේදී චුයින්ගම් හෝ බබල්ගම් විකා ඒවා වීථියේ කොතැනකට හෝ විසි කළහොත් ඩොලර් 1000ක දඩයක් ගෙවීමට සිදුවෙනවා.

ඔබ ලංකාවේ කාර්යාල දුම්රියවල ගමන් කරන්නේ නම් මේ ඡායාරූපය ඒ තරම් දෙයක් නොවෙන්න පුළුවන්. ඒත් උමං දුම්රිය, බුලට් දුම්රියවල ගමන් කරන යුරෝපීන්ට නම් බංග්ලාදේශයේ සිට පැමිණි මෙම දුම්රිය විස්මිත දර්ශනයක්.

ඇපල් සමාගමේ නව නිෂ්පාදනයක් චීනයේ වෙළඳපොළට පැමිණි තිබෙනවා. නමුත් සහතික කර කියන්න පුළුවන් ඇපල් සමාගම මේ ගැන හාංකවිසියක් දන්නේ නැති බව.

චීනය ජනාකීර්ණ බවත් නව නිවාස සඳහා වැඩි ඉඩක් නොමැති බවත් අපි කවුරුත් දන්නවා. ඒත් චීනා කියන්නේ හොද කල්පනාකාරයෙක්. අලුත් අදහස් ක්‍රියාත්මක කරන්නෙක්. ඉදිකිරීම්කරුවන් නව අදහසක් ඉදිරිපත් කළේ ඒ නිසයි. මේ ඡායාරූපය දුටු විට ඔබට ඇත්ත කතාව වැහෛ්වි. ‘සියල්ලට ඉහළින් නිවාස තැනීම!

මේ වගේ සුනඛයින් ලෝකයේ ඉන්නවාද ? ඔව් ඉන්නවා. ඒ ජපානවේ සහ තායිවානයේ. චතුරශ්‍රකාර සුනඛ ලොම් කප්පාදුව Square dog haircut ජපානයේ සහ තායිවානයේ සුලභ දෙයක්. එබැවින් චතුරස්රාකාර ලොම් සහිත සුනඛ මිතුරන් කිහිප දෙනෙක් පාරේ ඇවිදිනවා දුටුවහොත් පුදුම වෙන්න නම් එපා.

ඔබේ සම සූර්යයාගෙන් ආරක්ෂා කර ගැනීමට බොහෝ ක්‍රම තිබේ – ඔබට sun cream එකක් භාවිතා කළ හැකියි. නැතහොත් ඔබට විශේෂ මුහුණු ආවරණයක් ලබා ගත හැකියි. ඒවා විවිධ වර්ණවලින් ද පැමිණේ!

ඉදිරියට නෙරා ආ හෝ අපිළිවෙළට පිහිටි දත්වලට කම්බි දැමීම තරුණියකට අමිහිරි අත්දැකීමක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒත් ඒ ලංකාවේ. අග්නිදිග ආසියානු රටවල තරුණියන් ඒ ගැන ඒ හැටි හිතන්නේ නැහැ. මේ ඡායාරූපය ඊට හොද සාක්ෂියක්.

ඔබ කිඹුලා බනිස් කාලා ඇති බවට සැකයක් නැහැ. ඒත් කිඹුල් අයිස්ක්‍රීම් ගැන ! සැබෑ කිඹුල් බිත්තර වලින් සාදන ලද අයිස්ක්‍රීම් තායිලන්තයේ තිබෙනවා. මොකද කියන්නේ කාලා බලමුද ?

zestradar.com ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

