
‘ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර්‘ අපේ කාලයේ තවත් පුරාවෘත්තයක්. ඒ අසාමාන්‍ය පෙනුමට ආදරය නොකළ කාන්තාවන් හෝ ඉරිසියා නොකළ පිරිමියෙක් මේ ලෝකයේ නැහැ.
ඒත් මේ කතාව ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර් ගැන නෙමෙයි. ඔහුගේ පුතා ගැන. අපි කතාවටත් කියනවානේ ‘අප්පා කළ දේ නොකළොත් ඌ නොට්ටිගේ පුතා‘ කියලා. ඒ නිසාමදෝ ෂ්වාස්නෙගර්ගේ පුතා ජෝශප් බේනා තම පියාගේ අඩිපාරේ යන්න පටන් අරං තියෙනවා. නිකම්ම නිකං නෙමෙයි ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර්ගේ ප්‍රසිද්ධ ඉරියව්ව ප්‍රතිනිර්මාණය කරමින්.
‘ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර් මෙන් කිසිවෙකුට නම්‍යශීලී විය නොහැක – ඔහුගේ පුතා හැර‘ මෙහෙම ලියන්නේ සී.එන්.එන්.වාර්තාකාරිනී ඇලා එලසාර්, Alaa Elassar.
දැන් කතාවට එමු, බෙන පසුගිය බදාදා ඉන්ස්ටග්‍රෑම් සටහනක් සහ ඡායාරූප කිහිපයක් ප්‍රකාශයට පත් කළා. මොහොතකින් මුළු ලෝකයේම අවධානය ඒ වෙත යොමු වුණා.
බෙනා තම පියාගේ සුප්‍රසිද්ධ ශරීර ගොඩනැගීමේ ඉරියව්ව ප්‍රතිනිර්මාණය කළ බව දැක්වෙන ඡායාරූප කිහිපයක් සහ සටහනක් තමයි ඉන්ස්ටග්‍රෑම් සටහනේ තිබුණේ.
“යම් ඉරියව්වක් පුහුණු වීමට සුදුසුම කාලය!” 22 හැවිරිදි බේනා ලියා තිබුණා.


පසුගිය අපේ‍්‍රල් මාසයේදී “ටර්මිනේටර්” ෂ්වාස්නෙගර් සිය පුතා සමඟ බෙනාගේ විද්‍යාල උපාධි ප්‍රදානෝත්සවයේදී ඡායාරූපයක් පළ කළේය.

“සුභ පැතුම් ජෝසප්! පෙපර්ඩීන් හි වසර හතරක් වෙහෙස මහන්සි වී වැඩ කළ අද ඔබේ ජයග්‍රාහී දිනයයි! ඔබ සැමරුම සියල්ලම උපයාගෙන ඇති අතර මම ඔබ ගැන ආඩම්බර වෙමි. මම ඔබට ආදරෙයි!” ෂ්වාස්නෙගර් ට්වීට් කළේය.
ක්‍රියාදාම චිත්‍රපට තරුව 2003 සිට 2011 දක්වා කැලිෆෝනියාවේ ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කළේය.