ආණ්ඩුවේ උපදේස්වලට අනුව ‘සෝයා ගොවීන්ට’ යනඑන මං නෑ

Spread the love

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ ගොවි සංවිධානවල උපදෙස් මත පසුගිය යල කන්නයේ සෝයා බෝංචි වගා කළ ගලෙන්බිදුණුවැව හුරුළු ගොවීන් සිය අස්වැන්න සදහා නිසි මිලක් නොලැබීම හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටිනවා.

සිය සෝයා බෝංචි අස්වැන්න සඳහා රජය අනුමත කළ මිල වන රුපියල්නො 125 මේ වන විට තමන්ට නොලැබෙන බවත් අදාළ ආයතන සිය අස්වැන්න මිලදී ගැනීමට සූදානම් වන්නේ රුපියල් 115කට බවත් ගොවීන් පෙන්වා දෙනවා. මේ හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවයි ගලෙන්බිඳුණුවැව හුරුලු ගොවීන් පවසන්නේ.

මෙම සෝයා බෝංචි ගොවීන් චෝදනා කරන්නේ පසුගිය යල කන්නය සඳහා වී වගාව නොකරන ලෙසත්, ඒ වෙනුවට ගොඩ බෝග වගා කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ඒ සම්බන්ධ ගොවි සංවිධාන තමන්ට උපදෙස් ලබාදුන් බවයි. ඒ අනුව තමන් පසුගිය යල කන්නයේ වී වගාවට ප්‍රමුඛස්ථානයක් ලබා නොදුන් අතර ගොඩ බෝග වගා කිරීම ආරම්භ කර තිබු බවයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ.

රජය විසින් ආනයනය තහනම් කර ඇති බෝග වර්ග 16ට සෝයා බෝංචි ද ඇතුළත් වෙනවා.

RSL

Related Posts