අසන්ත ද මෙල් ‘තේරීම් කමිටු මුල් පුටුවට’ සමුදෙයි

Spread the love

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අසන්ත ද මෙල් මහතා එම තනතුරින් ඉල්ලා අස්වී තිබෙනවා. තම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරමින් මෙල් මහතා කියා සිටියේ පුද්ගලික හේතු මත අදාළ තීරණය ගත් බවයි.

‘‘මම එම තනතුරේ කටයුතු කළේ තාවකාලිකවයි‘ ඔහු පැවසුවා.

අසන්ත ද මෙල් මහතා 2018 වසරේ නොවැම්බර් මස සිට මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර ඔහුගේ කාලය තුළ ගත් ඇතැම් තීන්දු ප්‍රශ්න කිරීම්වලට මෙන්ම ප්‍රශංසාවට ද ලක්ව තිබෙනවා. විශේෂයෙන් පසුගිය ටෙස්ට් තරගාවලි දෙකම ( දකුණු අප්‍රිකවට එරෙහි සහ එංගලන්තයට එරෙහි) 2-0ක් ලෙස පරාජයට පත්වීම ගැන ඔහුව විවේචනයට ලක්ව තිබෙනවා.

මේ අතර අවිශ්ක ප්‍රනාන්දු, ඔෂධ ප්‍රනාන්දු, වසිදු හසරංග සහ ලසිත් ඇඹුල්දෙණිය ජාතික කණ්ඩායමට හදුන්වාදීමෙ ගෞරවය අසන්ත ද මෙල් මහතාට හිමි වෙනවා.

එසේම ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ දිනේෂ් චන්දිමල් සහ එක්දින කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ලසිත් මාලිංග අදාළ තනතුරු වලින් ඉවත්කිරීම දිමුත් කරුණාරත්න ටෙස්ට් හා එක්දින නායකත්වයට පත් කිරීම ගැන අසන්ත ද මෙල් මහතාට ප්‍රශංසාව හිමිව තිබෙනවා.

අසන්ත ද මෙල් මහතා වඩාත් විවෙචනයට ලක් වුණේ පසුගිය ලෝක කුසලාන තරගාවලියට කළ නම් කිරීම් සමගයි. විශේෂයෙන් ජීවන් මෙන්ඩිස් සහ මිලින්ද සිරිවර්ධන ලෝක කුසලාන එක්දින සංචිතයට නම් කිරීම ගැන බොහෝ දෙනකුගේ දැඩි විවේචනය පළ වුණා.

Tags: