අසත්‍ය ප්‍රචාර එපා: දැඩි දඬුවම්
- RSL
- November 20, 2017
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
ගාල්ල ගිංතොට ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධියට අදාළව නොයෙකුත් අසත්‍ය ප්‍රචාර සහ කටකතා පැතිර යමින් පවතින බව පොලිස් මූලස්ථානය සදහන් කරනු ලැබේ.
විශේෂයෙන්ම සමාජ ජාල මාධ්‍ය ඔස්සේ මෙම තත්ත්වය දක්නට ඇතැයිද සදහන් කෙරේ.
ගාල්ල ගිංතොට සිද්ධිියට අදාළව මෙන්ම වෙනත් සිද්ධීන්වලට අදාළව ද, මහජනතාව අතර නොසන්සුන්තාවක් ඇති කරවීමේ අදහසින් මෙවැනි ප්‍රචාර සිදුකරන තැනැත්තන්ට එරෙහිව දැඩිවම නීතිය ක්‍රියාත්මක කිරීම සදහා කටයුතු කරමින් සිටින බව පොලිස් මූලස්ථානය අවධාරණය කරනු ඇත.
මේ අතර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් අද(20) උදෑසන ගාල්ල පොලිස් වසමේ ප්‍රජා පොලිස් කමිටු සහ උපදේශණ කමිටු දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පැවැත්වේ.
ගාල්ල නගර සභා ශ්‍රවණාගාරයේ දී එය පැවැත්වෙනු ඇත.
එහිදී ගිංතොට ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

