2020 මැයි මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2020 මැයි මස 20 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අතිප්‍රචණ්ඩ සුළි කුණාටුව (“අම්ෆන්”) මේ වනවිට ඉතා ප්රචණ්ඩ සුළි කුණාටුවක් බවට පත් වී,19 වන දින ප.ව. 11.30 වන විට ත්‍රිකුණාමලය සිට කි.මී 1250 පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 18.4 ත් නැගෙනහිර දේශාංශ 87.1 ත් ආසන්නව වයඹ සහ බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථානගතව පැවතුනි. මෙම පද්ධතිය තවදුරටත් උතුරට බරව ඊසාන දෙසට දිවයිනෙන් ඉවතට ගමන් කරන අතර අද (20) දින අපරභාගය වන විට බටහිර බෙංගාල වෙරළ හරහා ගමන් කරනු ඇතැයි බලාපොරොත්තුවේ.
එහි බලපෑම හේතුවෙන් දිවයිනේ, දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට, විශේෂයෙන් නුවරඑළිය, කළුතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 පමණ තද වැසිද ඇති විය හැක.
දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන්