අනුරාධපුර බන්ධනාගාරයේ රැදවියන් අතර ගැටුමෙන් අයෙක් මරුට

Spread the love

අද (21) සවස අනුරාධපුර බන්ධනාගරයේ සිදු වූ වෙඩි තැබීමකින් රැඳවියෙකු මිය ගොස් තවත් රැඳවියන් පස් දෙනෙකු තුවාල ලබා ඇතැයි අනුරාධපුර පොලීසිය සදහන් කළා.

නව කොරෝනා වෛරසය ආසාදනය වූ බව සැක රැුදවියෙකු හමුවීමත් සමග රිමාන්ඩ් බන්ධනාගාරයේ සැකකරුවන් රඳවා සිටින සිර මැදිරියක ඇති වු නොසන්සුතාවයේදී රැඳිවියන් කිහිප දෙනකු පළායාමට උත්සහා කිරීමෙන් මෙම වෙඩි තැබීම සිදුව තිබෙන බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කළේ.

මේ ගැටුම සමග බන්ධනාගාරය තුළ ගින්නක්ද හට ගෙන තිබෙන අතර ගින්න සහ තත්ත්​වය පාලනය සඳහා පොලීසිය පොලිස් විශේෂ කාර්යබලකාය හා ගිනි නිවීමේ ඒකක බන්ධනාගාරයට කැදවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් විශේෂ ප‍්‍රකාශයක් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සදහන් කළේ කිසිදු අයෙකු පැන ගොස් නැති බවත් බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කර ඇති බවයි.

Tags: