අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කිසිදු වෙනසක් සිදු නොවේ
- RSL
- October 16, 2020
- පුවත් සහ වාර්තා
- Featured
- 0 Comments
රට තුළ දැනට පවත්නා කොවිඩ් තත්ත්වය හමුවේ දරුවන්ගේ ආරාක්ෂාව තහවුරු කරමින් ඔක්තෝම්බර් 12 වනදා ආරම්භ කළ අ.පො.ස (උසස් පෙළ) විභාගය මේ දක්වා සාර්ථකව පවත්වාගෙන යා හැකි වූ බවත්, මින් ඉදිරියටත් එනම් නොවැම්බර් 06 වනදා තෙක් අ.පො.ස (උසස් පෙළ) විභාගය ඒ අයුරින් ම පවත්වන බවත් අධ්‍යාපන ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා අද දින (16) පැවසීය.
එමෙන් ම කොවිඩ් තත්ත්වය හේතුවෙන් ඇඳිරිනීතිය පවත්නා පොලිස් බල ප්‍රදේශ තුළ විභාග මධ්‍යස්ථානවල රාජකාරී කටයුතුවල නිරතව සිටින ගුරුවරුන්ට මුහුණපෑමට සිදුව ඇති ප්‍රවාහන අපහසුතා සම්බන්ද ඉල්ලීම් සැලකිල්ලට ගනිමින්, රජය භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කොට සහනයක් සැලසීමට බලාපොරොත්තු වන බව ද මෙහිදී අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

