අද වාර්තා වූ සියලුම Covid ආසාදිතයින් කන්දකාඩු නිලධාරීන්ගේ ඥාතීන්
- RSL
- July 16, 2020
- CORONA: Covid 19
- featured
- 0 Comments
2020.07.16 දින සවස 5.00 වන විට පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විසින් කරන ලද ප්‍රකාශය
“අද දින මේ දක්වා කොවිඩ් 19 ලෙස 8 දෙනෙක් වාර්තා වී තිබෙනවා මෙම කන්දකාඩු පොකුරු සම්බන්ධව. මෙම 8 දෙනාම කන්දකාඩු සේවය කරන නිලධාරීන්ගේ ළඟම ඥාතීන්. පිට අය නොවෙයි සිය පවුල්වලම අය. ඒ අනුව මෙම කන්දකාඩු පොකුර 542ක් වශයෙන් වාර්තා වනවා රෝගීන්.
අද දිනත් රාජාංගන ප්රදේශයෙත් වෙනත් ප්‍රදේශවලත් PCR පරීක්ෂණ සාම්පල් ගැනීම සිදු කළා. ඒ වගේම මේ 8 හරුනු කොට අනෙකුත් PCR පරීක්ෂණ ප්‍රතිඵල කොවිඩ් 19 රෝගීන් නොවන බව සටහන් වී තිබෙනවා. ඒ අනුව නව PCR පරීක්ෂණ වැඩපිළිවෙලට අනුව මෙම පොකුරට සම්බන්ධව ඇතැම් ප්‍රදේශවල නිලධරීන්ගේ පවුල්වල රෝගීන් ආශ්‍රිතව තවත් දින 10 කින් නැවතත් PCR පරීක්ෂණ එක් ස්ථානයකින් 40 ක් පමණ සංඛ්‍යාවක් ගෙන ඉදිරියට සිදු කිරීමට නියමිතයි. “

