අද දින කොරෝනා ආසාදිත මරණ 05ක්; ආසාදිතයින් 704ක්
- RSL
- November 15, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
අද (15) දින කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් පුද්ගලයින් 05 දෙනකු මිය ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද දින ප.ව 18.10ට නිකුත් කළ මාධ්‍ය නිවේදනය සදහන් වෙනවා. ඒ අනුව කොවිඩ් ආසාදනය හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන 58 දක්වා ඉහළ යන බවයි අදාළ මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේ.
මේ අතර අද දින 18.05ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වුණේ අද දින මේ දක්වා (ප.ව 18.05) නව ආසාදිතයින් 544 දෙනකු වාර්තා වූ බවයි. වාර්තා වූ සියලම ආසාදිතයින් පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් බවයි අදාළ නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.


