අදත් නව ආසාදිතයින් 63ක් වාර්තා වෙයි – මුළු ආසාදිතයින් ගණන 523ක්
- RSL
- April 26, 2020
- CORONA: Covid 19, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
අද රාත්‍රියේ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 19 දෙනතු වාර්තාවීම සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොවිච්-19 ආසාදිතයින් සංඛ්‍යාව 523 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව අද (26) දිනය තුළ වාර්තා වූ සමස්ත කොවිච්-19 ආසාදිතයින් සංඛ්‍යාව 63 දෙනෙකි.
ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදනය වූ රෝගීන් 45 දෙනකු අද (26) දිනය තුළ වාර්තා වීම සමග සමස්ත රෝගීන් සංඛ්‍යාව 505 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ අද දින ප.ව 22.04ට සිදුකළ යාවත්කාලීන කිරීම්වල සදහන් වේ.

එහි වැඩි දුරටත් සදහන් වන්නේ දැනට රෝහල්වල විමර්ශනය යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 273ක් බවත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 378ක් බවයි. සුවය ලබා පිටව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 120ක් බව ද එහි වැඩි දුරටත් සදහන් වේ.

