අගමැති ආරක්ෂක අංශයට අනුබද්ධිත ‘බාහිර ඒකකයක’ නිලධාරියෙකුට කොරෝනා
- RSL
- October 25, 2020
- CORONA: Covid 19, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවයේ නියුතු පොලිස් නිලධාරියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට පැතිර යන පුවත සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා විසින් කරුණු පැහැදිලි කිරීමක් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද (25) දින නිකුත් කළ එම මාධ්‍ය නිවේදනය මෙසේයි.
අග්‍රාමාත්‍ය කාර්යාලය, ආරලියගහ මන්දිරය හෝ විජේරාම පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ සේවය කරනු ලබන අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයේ කිසිඳු නිලධාරියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී නොමැති බවට සහතික කරමි.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවයේ නියුතු පොලිස් නිලධාරියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට පැතිරය යන පුවතේ කිසිඳු සත්‍යතාවයක් නොමැති අතර කොවිඩ් ආසාධිත ආරක්ෂක අංශ නිලධාරියෙකු හමු වී ඇත්තේ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට අනුබද්ධිත බාහිර ඒකකයකිනි.
ගරු අග්‍රාමාත්‍යතුමා සහභාගීවන, බාහිර උත්සවවල පූර්ව ආරක්ෂක කටයුතු පිළිබඳ සූදානම් කිරීම්වලට අදාළව පමණක් සම්බන්ධවන එම නිලධාරීවරයා ඔක්තෝම්බර් මස 17දින සිට සේවයට වාර්තා කර නොමැත.

