“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් දුන් පොරොන්දු ඉටුකරනවා – ජනපති

Spread the love

ගල්ගමුව සිට මීගලෑවට යන අතරමග දෙපස රැස්ව සිටී ජනතාව සමග ද ජනාධිපතිතුමා සුහද කථා බහක නිරත විය.

අපේක්ෂක අංසක නවරත්න මහතා මීගලෑව ජාතික ක්‍රීඩාංගණයේ සංවිධාන කළ ජනහමුවට සහභාගී වූ ජනාධිපතිතුමාට රැස්ව සිටී ජනතාව මහත් හරසර පුද කළහ.

ප්‍රදේශයේ මාර්ග සහ වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කර දෙන්නැයි ඔවුහු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

අසු හැවිරිදි කිරිබණ්ඩා මහතා තමා එකතු කරගත් රුපියල් 5,000ක මුදලක් කොවිඩි අරමුදල සඳහා ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

අපේක්ෂක ඩී.බී. හේරත් මහතා වාරියපොළ වැව ගෙදර ඉඩමේ සංවිධාන කළ ජන හමුවට සහභාගි වූ ජනාධිපතිතුමා රැස්ව සිටී ජනතාව සමග සුහද කතා බහක නිරත විය.

අපේක්ෂක ගුණපාල රත්නසේකර මහතා ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් කළ “පඩුවස්නුවර සංවර්ධන සැලැස්ම” ක්‍රියාත්මක කිරීමට සහය දෙන බව හෙට්ටිපොළ සතිපොළ භූමියේ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගීවෙමින් ජනාධිපතිතුමා පැවසීය.

ඉඩම් පැවරීමේ දී නිසි ලෙස මැණුම් සිදු නොකිරීම සහ ඔප්පු නොලැබීම පිළිබඳව ගම්මාන  රැසකදී ජනතාව ජනාධිපතිතුමා දැනුවත් කළහ. විධිමත් විමර්ශනයක් සඳහා කමිටුවක් පත් කර ඊට විසඳුම් දෙන බව රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය. 

ගොවි ජනතාවගේ පහසුව උදෙසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කරන්නැයි ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළහ.

අපේක්ෂක දයාසිරි ජයසේකර මහතා හෙට්ටිපොළ මහජන ක්‍රීඩාංගණයේ සංවිධාන කළ ජන හමුවට ද ජනාධිපතිතුමා සහභාගි විය.

නිලධාරීන්ගේ නොසැළකිල්ල නිසා අස්වැද්දීමට නොහැකිව ඇති කටුපොත, හේනේගම  අක්කර 400ක පමණ කුඹුරු වගාවට යොදා ගැනිමට අවස්ථාව සලසන්නැයි ජනතාව ජනාධිපතිතුමාට කියා සිටියහ. 

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ අවස්ථාවන්ට සහභාගී විය.

RSL

Related Posts