සෞඛ්‍ය ඇමති පවිත‍්‍රාගෙන් හිටපු ජනපති සිරිසේනට හීන් ටොක්කක්

Spread the love

රටක සෞඛ්‍ය අංශය සැලසුම් සහගත විය යුතු බවත්  රටේ සියලුම රොහල් පහසුකම් වලින් සපිරි අංග සම්පූර්ණ රෝහල් විය යුතු බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරය කරයි. අමාත්‍යතුමීය මේ බව ප්‍රකාශ කරන ලද්දේ අනුරාධපුර බටහිර ආසනයේ පලාත් පාලන නියොජිතයින් ඩෙංගු හා මී උණ රෝගවල ව්‍යාප්තිය හා පාලනය  පිළිබදව දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවකට ඊයේ (07) සහභාගි වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය – “දැන් අනුරාධපුරය දිස්ත්‍රික්කය ගත්තම අපේ චන්ද්‍රසේන ඇමතිතුමා කිව්වා අනුරාධපුර මහ රෝහල සංවර්ධනය කරන ගමන් අනෙක් රෝහල් ටිකත් සංවර්ධනය කරලා දෙන්න කියලා. කුමාරසිංහ මන්ත්‍රීතුමා කිව්වා නොච්චියාගම ප්‍රාදේශීය රෝහල දියුණු කරලා දෙන්න කියලා. මෙහෙම යන්න බෑ. මොකද එහෙම වෙලා තියෙන්නේ, රටක සෞඛ්‍ය අංශය සැලසුම් සහගත වෙන්න ඕනි.

ඔබට පරීක්ෂණාගාර සහිත රෝහලක් මෙහෙ තියෙන්න ඕන. අනුරාධපුර රෝහල තියෙන එක ඇත්ත. අනුරාධපුර රෝහලට ඔක්කොම පිරෙන්න ගියාම හරියන්නෙ නෑ. එසේ නොවෙයි විය යුත්තේ. මෙතන රෝහලේ දැඩි සත්කාර ඒකක එක්ක සියලු පහසුකම් සහිතව විශේෂඥයින් එක්ක මේ රෝහල හැදෙන්න ඕන. ඒක තමයි විය යුතු දේ. එතකොට තමයි අනුරාධපුර රෝහලේ පොලොවේ රෝගීන් නිදා ගන්න තත්ත්වයට වැටෙන්නෙ නැත්තේ. ඉතිං මේවා සැලසුම් සහගතව කල යුතුව තිබුනත් සමහර දේවල් වෙලා නෑ.”

අපේ හිටපු ජනාධිපතිතුමා මේ පලාතේ සෞඛ්‍ය ඇමතිවරයා විදිහටත් හිටියා. හිටපු ජනාධිපතිතුමා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තමන්ගේ පලාතේ රෝහල් ගැන බැලුවා ද කියන එක නම් අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පොලොන්නරුව හොද වෙන්න පුලුවන්. හැබැයි අනුරාධපුරේ සෞඛ්‍ය තත්ත්වය ගැන මට තියෙන්නෙ බොහොම කණගාටු දායක තත්ත්තවයක්. ජනාධිපතිතුමා  නිතරම කියන්නේ මේවා සැළසුමකට හදන්න කියලා. රටේ සෞඛ්‍ය පිළිවෙලකට හදන්න කළ යුතු වැඩ ටික හරියට පළමුව කරන්න.

“පසුගිය ආණ්ඩුව සමයේ අමාත්‍යංශය රුපියල් බිලියන 40 ක් ඖෂධ ගෙන්වීමට සහ අනෙකුත් කටයුතුවලට ගෙවලා නැහැ. ඒ සල්ලි ගෙවන්න වුනේ අපිට. ඖෂධ වර්ග 400 ක්. මේ අවුරුද්දේ මුල තියෙන්න ඔනි  ඒවා ගිය අවුරුද්දේ මුල තමයි ටෙන්ඩර් කැදවලා දෙන්න ඕනි ඒ ටෙන්ඩර් කැදවලා තිබුනෙ නැහැ. මම අමාත්‍යාංශයේ වැඩ භාර ගන්නකොට බෙහෙත් ජාති 400 ක් හිගයි. ටෙන්ඩර් කැදවලා කරන්න අවුරුද්දක් යනවා. මේ අවුරුද්දේ මුල බෙහෙත් ටික ගිය අවුරුද්දේ ටෙන්ඩර් කැදවලා ගෙනත් තියා ගන්න ඔනි. ඒක වෙලා තිබුනෙ නෑ. දැන් තමයි ඒවා ටෙන්ඩර් කැදවලා ගෙනල්ලා තියෙන්නෙ. එහෙම තත්ත්වයකටයි රටේ සෞඛ්‍ය තත්ත්වය පත්වෙලා තිබුනේ. මේක මෙහෙම නොවෙන්න වග බලා ගන්නා රජයක් අපි අපේ රටේ ඇති කරන්න ඔනි. ඒක ඔබතුමන්ලට අපිට නෙවේ මේ රටේ දරුවන්ට මිනිසුන්ට.”

RSL

Related Posts