කොරෝනා හෝ වෙනත් යම් හේතුවක් මත නියමිත වේලාවට ඔවුන්ට වාරික නොලැබී ගියොත් වෙන්නෙ ඔවුන් අපිට ණය දෙන්න ණය ගත්තු තැනත් එක්ක හිර වෙන එක. මොකද ඔය සමාගම් ගොඩක් දුවන්නෙ ප්‍රමාණවත් ආරක්ෂක තැන්පතුවක් ඇතිව නෙමෙයි. බොහොම යන්තමට අඩ්ඩඩ්ඩාවට.
ඇමෙරිකානු වර්ගවාදී (සුදු) පොලිසිය විසින් ඝාතනය කළ ජෝර්ජ් ෆොලෙයිඩ්ගේ ඝාතනය හේතුවෙන් ඇමෙරිකාවේ ඇති වුණ ගින්න තාමත් ඇවිලෙනවා. එය දැන් ඇමෙරිකාවේ පමණක් නොව ගෝලීය වශයෙන් සිදුවන උද්ඝෝෂණයක් බවට පරිවර්තනය වෙමින් තිබෙනවා. ඊට හේතුව වන්නේ පොලිසියේ කෘෘරත්වය සහ වර්ගවාදය මගින් අතිකරන පීඩනය සමස්ත ලෝකයටම පොදු කරුණක් නිසයි.
මේ අතර ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට වඩා කෘෘර හා අමානුෂික ඝාතනයක් අද (11) ලංකාවෙන් වාර්තා වුණා. ඒ තමයි ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති ජයවර්ධනගේ සුනිල් පෙරේරා (53) අමානුෂික ලෙස පහරදීමකට ලක්ව ඝාතනය වීම.
පොලිස් හා මාධ්‍ය වාර්තා අනුව ත්‍රිරෝද රියක් බලෙන් ආපසු ලබා ගැනීමට ගොස් ඇතිවු ආරවුලක් දුරදිග ගොස් පෞද්ගලික ෆිනෑන්ස් සමාගමක සේවකයින්ගේ පහර දීමකට ලක්වීමෙනුයි සුනිල් මරණයට පත්වන්නේ.
මිරිහාන පොලිස් වසමට අයත් පෞද්ගලික ෆිනෑන්ස් සමාගමක (අපි ගාව අදාළ ආයතනයේ නම ගැන විස්තර නැහැ. එසේ තිබුණා නම් අනිවාර්යයෙන්ම ආයතනය සදහන් කරනවා. මොකද මේ වාගේ මෘගයෝ සේවයේ යොදවන ආයතන ගැන ජනතාව දැනගත යුතු නිසා) සේවකයින් ත්‍රිරෝද රියක් සම්බන්ධ තොරතුරු විමසීමට පැමිණ ඇති අතර එහිදී ඇති වූ ආරාවලුකදී අදාළ සමාගමේ සේවයෝ (මැරයෝ – මෙවැනි ආයතන සේවය ලබා ගන්නේ මැරයින්ගෙන් බව ප්‍රකට කරුණක්) කළ පහරදීමකින් තමයි සුනිල් බරපතළ තුවාල ලබන්නේ.
පොලිස් වාර්තා අනුව පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ සුනිල් කලුබෝවිල රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර සඳහා ඇතුලු කර සිටියදී තමයි මිය ගොස් තිබෙන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් පෞද්ගලික ෆිනෑන්ස් ආයතනයේ සේවකයින් 8 දෙනකු අත්අඩංගුවට ගත් බවද පොලීසිය කියනවා.
මේ ඝාතනය බරපතළ ලෙස සමාජ සංවාදයට හා අවධානයට ලක්විය යුතු බවයි අපි කියන්නේ. මොකද මේක මේ කල් බදු සමාගම් ( මේවා පමණක් නොවෙයි බැංකු පවා මේ ආකාරයෙන් හැසිරෙනවා) ජනතාව සූරාගෙන කෑමේ සීමාවක් නැහැ. ඔවුන් අදාළව නිසි නියාමනයක් සිදුවන්නේ නැහැ (මෙවැනි තත්ත්වයක ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට හසුව සිටින කාන්තාවන් සහ ජනතාව ද පවත්ව සිටින බව අප අමතක නොකළ යුතුයි. මේ වන විට ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුල නිසා කාන්තාවන් 200ක අධික පිරිසක් සිය දිවි නසාගෙන ඇති බවත්, තවත් දහස් සංඛ්‍යාත පිරිසකගේ පවුල් ජීවිත අවුල් වී ඇති බවත් වාර්තා කියනවා)
කොවිච් -19 විසින් ඇති කළ අවුල තුළ සමස්ත ආර්ථික හා සමාජයීය ජීවිතයම දැවැන්ත අර්බුදයකට ලක්ව ඇති මොහොතක වුණත්, ආණ්ඩුව ඉල්ලා සිටි ණය සහන නොදී බැංකු ඇතුළු මේ මූල්‍ය සමාගම් දැවැන්ත පීඩනයක් ගනුදෙනු කරුවන් වෙත එල්ල කරමින් සිටිනවා. (මේ ගැන ඊයේ පැවැති කැබිනට් මණ්ඩලයේදී උණුසුම් ලෙස කතා වුණා කියලා මාධ්‍ය කියනවා) ඔවුන් තව දුරටත් ගනුදෙනු කරන්නේ ‘ෂයිලොක් න්‍යායෙන් බව කාට වුණත් රහසක් නොවෙයි.
අපි පසුගිය සතිය පුරාම ඇමෙරිකාවේ ජෝර්ජ් ෆොලොයිඩ් වෙනුවෙන් දැවැන්ත මාධ්‍ය ආවරණයක් ලබා දුන්නා. ට්‍රම්ප්ගේ සිට බොහෝ දෙනෙක් විචේනය කළා.
දැන් ලංකාවෙත් අමු දවාලේ ඝාතනයක් සිදුව තිබෙනවා. මේ ඝාතනය වුණේ 800,000කට ආසන්න ත්‍රි රෝද රථ රියැදුරන් වෙනුවෙන් සටන් කළ වෘත්තීය සමිති නායයෙක්. ඒ වගේම ත්‍රි රෝද රථ රියැදුරන් / හිමිකරුවන් පමණක් නොවෙයි තවත් අති විශාල පිරිසක් (වාහන හිමි) මේ කල්බදු / ෆිනෑන්ස් සමාගම්වල දැඩි පීඩනයට ලක්ව සිටිනවා.
ඒ නිසා අපි යෝජනා කරන්නේ සුනිගේ ඝාතනය හුද ඝාතනයක් ලෙස නොසලකා මේ / ෆිනෑන්ස්, කල්බදු, ක්ෂද්‍ර මූල්‍ය ඇතුළු මූල්‍ය ක්ෂේත්‍රයේ මාෆියාවට හා පීඩනයට එරෙහිව සංවිධානාත්මක ප්‍රවේශයකට මේ මරණය වස්තු බීජයක් කරගන්නා ලෙසයි.
මොකද මෙම සමාගම්වලින් බැට නොකෑ පුද්ගලයෙක් සොයා ගැනීම ‘නොමළ ගෙයකින් අබ ඇටයක් සොයා ගැනීමටත් වඩා දුෂ්කර තත්ත්වයක් වන නිසයි.
මෙවැනි තත්ත්වයක් ලංකාවේ යම් ආකාරයකින් නිර්මාණය වුවහොත් ලංකාවේ බොහෝ මාධ්‍යවල රෙදි ද ගැළවෙන බව අවසාන වශයෙන් ලිය තැබිය යුතුයි.
මරණීය න්‍යාය !
සුනිල්ගේ ඝාතනය සම්බන්ධව නීතිඥ අථිල අතාවුද සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබා ඇති අතර එය පහත දැක්වෙනවා.
මේ පිළිබඳව පූර්ව නිගමන ඇතිකරගන්න තවම කල් වැඩියි. ඒත් ඔතන තියන ප්‍රශ්නයේ හැඩය යම්තාක් දුරකට හඳුනාගැනීමේ හැකියාව පවතිනව. ඒ හැඩය හඳුනා ගන්නට වීරිය කළ යුතුමයි. මොකද ඒක පැති කීපයකින් සමාජයට බලපාන ගැටලුවක් වෙන හින්දා. දේශපාලනිකව ගත්තොත් ධනවාදී සමාජයේ පදාසයක් ක්ෂණිකව කඩාගෙන වැටිය හැකි න්‍යායක් ඒ තුල අන්තර්ගත වෙන හින්දා.
ඔය ලීසිං සමාගම් මූල්‍ය සේවා ගොඩක් සපයන ආයතන වුණාට ඔවුන්ගෙ ආදායමෙන් 90%කට වැඩිය එන්නෙ ලීසිං පහසුකම්වල පොලී සල්ලි වලින්. ආකර්ශනීය තැන්පතු පොලී එහෙම හඳුන්වා දුන්නත් මිනිස්සු පොදුවේ පෞද්ගලික මූල්‍ය ආයතනයකට තමන්ගෙ තැන්පතු ධනය හිර කරන්න බයක් තියනව. ඒකට ප්‍රමුඛ බැංකුව ඇද වැටීම,ගොල්ඩන් කී ප්‍රශ්නෙ, ETI අර්බුදය, ද ෆිනෑන්ස් අර්බුදය වගේ දේවල් වලින් මිනිස්සු උගත් පාඩම් හේතු වෙලා තියනව.
ඒ හින්ද ඔවුන් වැඩි දෙනෙක් කරන්නෙ අඩු පොළියකට කොහෙන් හරි ණය අරගෙන ඒක වැඩි පොළියට ලීසිං පහසුකම් සඳහා ණයට දීලා ඒ පොළී අනුපාත දෙක අතරේ වෙනස ලාභයක් ලෙස ලබා ගැනීම. ඒක සමාගම් විතරක් නෙමෙයි සල්ලි පොළියට දෙන ඕනෑම ආයතනයක වේවා පුද්ගලයෙකුගෙ වේවා සාමාන්‍ය ව්‍යාපාරික ස්වභාවය.
ඔය ලීසිං සමාගම් වලින් අදාළ පහසුකම දෙන වෙලාවෙ මොන කතා කීවත් අතරමැදදි සල්ලි හම්බ වුණාම එක පාර ණය පියවා දමන්න ගියොත් ඔවුන් ඉදිරිපත් කරන කොන්දේසි එකපාර ණය පියවීම අධෛර්යමත් කරන ඒව වෙන්නෙත් ඔය තත්වය තුල. අද තියන මුදලට අද වෙනකල් පොළිය විතරක් අය කරලා ණය කැපුවොත් ඔවුන්ගෙ ආදායම අහිමි වෙනව. ඒ නිසා ලීසිං පහසුකමක් මත ගත්තු වාහනයක ණය එක පාර පියවනවට වඩා වාසිදායක වෙන්නෙ එහෙමම ගෙවාගෙන යන එක බවට පත්වන වාතාවරණයක් ඔවුන් හදල තියනව.
කොරෝනා හෝ වෙනත් යම් හේතුවක් මත නියමිත වේලාවට ඔවුන්ට වාරික නොලැබී ගියොත් වෙන්නෙ ඔවුන් අපිට ණය දෙන්න ණය ගත්තු තැනත් එක්ක හිර වෙන එක. මොකද ඔය සමාගම් ගොඩක් දුවන්නෙ ප්‍රමාණවත් ආරක්ෂක තැන්පතුවක් ඇතිව නෙමෙයි. බොහොම යන්තමට අඩ්ඩඩ්ඩාවට.
ඒ හින්දයි කොරෝනා නැති කාලෙක වුණත් ටිකක් වාරිකය පරක්කු වෙනකොට ණය ගත්තු කෙනාටයි ඇප කාරයින්ටයි ලියුම් පනහක් වාතර එවල දවස ගානෙ කෝල් කරල කොහොමහරි වාරිකය දම්මගන්න ඔවුන් උත්සාහ ගන්නෙ.
නමුත් කොරෝනා ප්‍රශ්නය මත මිනිස්සුන්ගෙ ආදායම් අහිමි වෙනකොට එතනදි මිනිස්සුන්ට සහනයක් ලබාදීම කළ යුතුම දෙයක් වෙනව. ඒ අනුව මහ බැංකුව නිකුත් කරන මඟ පෙන්වීම ගොඩක් ලීසිං සමාගම් තරහෙන්, කේන්තියෙන්, අසතුටින් භාරගත් බවට සැකයක් නෑ. ඒකට හේතුව ඔවුන් ඉන්නෙත් පොඩ්ඩක් ලිස්සුවොත් වැටෙන අඩ්ඩඩ්ඩා තැනක. මාස හයක් දක්වා සහන දෙනව කිව්වට ගොඩක් මූල්‍ය සමාගම් මාස 3කට ඒ සහන සීමා කරල තියෙන්නෙ ඒ නිසා.
ඔය අතරේ ඔවුන් තවත් අභියෝගයක් දකිනව. දැන් තියෙන්නෙ හැම එකටම කැම්පේන් ක්‍රියාත්මක වෙන සමාජයක්. සමාජ ජාලා අතර වුණත් හැම කැම්පේන් එකටම වගේ බොහොම බලවත් සමාජ ජාලා සමූහ හැදිල තියනව. ඒ වගේම ETI වගේ අත්දැකීමක් අරන් බලපුවාම පැහැදිලිවම පේන දෙයක් තමයි මූල්‍ය සමාගමක් කැම්පේන් එකකින් වට්ටන්න පුළුවන් බව. ඒ නිසා මූල්‍ය සමාගම් ගොඩක් එවැනි කැම්පේන් වලට බයයි.
තනි පුද්ගලයෙක් තමන් ගත්ත වාහනේ වාරිකය නොදා වාහනෙත් හංගගෙන හිටියොත් ලීසිං සමාගමට පුළුවන් නඩු දාන්න. ඒ සඳහා සැළකියයුතු වියදමක් යනව. ඒ වියදම පියවා ගන්නෙත් ඔවුන්ගෙ සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලින්. ඒ කියන්නෙ පොලී සල්ලි වලින්. නමුත් ගණුදෙනුකාරයො රාශියක් වෘත්තීය සමිතියක ස්වභාවයෙන් සංවිධානය වෙලා පොදුවේ “අපි ගෙවන්නෑ” කියන ස්ථාවරයට ආවොත් සමාගමට අත්වෙන්නෙ අර කුඤ්ඤෙ ගලවපු වඳුරට අත්වෙන ඉරණම.
ගණුදෙනුකාරයො හැමෝටම නඩු දාන්න සමාගමට සල්ලි නෑ. නඩු දැම්මත් ඒවා ඉවර වෙනකල් සමාගම පවත්වාගෙන යන්න හැකියාවක් ලැබෙන්නෙ නෑ. නඩු ඉවර වෙලා සල්ලි හම්බ වෙනකල් සමාගමේ සේවක පඩිනඩි, ගොඩනැගිලි කුලී, ණය වාරික ගෙවන්න විදියක් නැතුව සටන අවසන් වෙන්න කලින් සමාගම වහන්නයි වෙන්නෙ. එතකොට තැන්පත්කරුවන්ගෙනුයි, ණය හිමියන්ගෙනුයි එන පීඩනයත් එක්ක සමාගම වැහුවත් අයිතිකාරයන්ට ගැලවීමක් නැති වෙනව. එහෙම වුණාම වෙන්නෙ එක්කො රට පනින්න, නැත්නම් වහ ටිකක් බීලා වනගත වෙන්න.
මේ හේතුව මත ලීසිං සමාගම් තමන්ට එරෙහි භයානකම සතුරන් විදියට හඳුනාගන්නෙ කැම්පේ්න්මය නැත්නම් වෘත්තීය සමිතියක ස්වභාවයෙන් තමන්ට අභියෝග කරන ගනුදෙණුකරුවන්. මොකද ගනුදෙණුකරුවන් වෘත්තීය සමිතියක හැඩයෙන් සංවිධානය වුණොත් ඒක ලීසිං සමාගමට කොහොමටවත් දිනන්න තියා දරාගන්නවත් බැරි සටනක් බවට පත්වෙනව.
ඒ නිසා සුනිල් ජයවර්ධනගෙ අභියෝගයේ ස්වභාවය ලීසිං සමාගම වල බොක්කටම වදින විදියේ රිදෙන දැනෙන එකක්. ඔහුගේ මරණය මේ න්‍යාය මත පදනම් වෙනව කියල මම කියන්නෙ නෑ. ඒත් ලීසිං සමාගම් ඔහුව බොහොම භයානක සතුරෙක් විදියට හඳුනාගැනීම පදනම් වෙන්නෙ ඔය න්‍යාය මත.
නිකම් හිතලා බැලුවොත් A සමාගමෙන් ණය ලබාගත්තවුන්ගේ සංගමය කියලා එකක් හැදිලා “අපි ගෙවන්නෑ” කියන ස්ථාවරයට පොදුවේ ඇවිත් ණය වාරික ගෙවීම එක කතාවට වර්ජනය කරන තැනකට ගියොත් A සමාගමට ක්ෂණික මරණයක් අත්වෙනවා.
රුසියාව 1918 රටක් විදියට ඔය තීරණේට එනවා. තවත් උදාහරණ පෙන්නන්න පුළුවන්. වර්තමානය වගේ දියුණු තාක්ෂණයක් සහිත යුගයක ඔහොම දෙයක් ඕන නම් එක රැයින් සංවිධානය කරලා සතියෙන් ඉවර කරන්න පුළුවන්. මේකට සමාගම් භය වෙන එක හරිම ස්වභාවිකයි. ඒක ඇත්තටම මරණ බය.
සුනිල් ජයවර්ධනගේ මරණය ගැන ඇති තතු ඉදිරියේදී හෙළිදරව් වෙයි. එය බොහෝවිට ඔය න්‍යායත් එක්ක නොගාවා සාමාන්‍ය මරණයක් ලෙස ඒත්තු ගන්වන්නට උපරිම උත්සාහයත් දරනවා ඇති.