‘සියලු මත්පැන් අලෙවි සැල් වසා දැමීමට’ රජයෙන් නියෝග

Spread the love

දිවයින පුරා සියලු මත්පැන් අලෙවි හල් නැවත දැනුම් දෙන තුරු වසා තබන ලෙස රජය නියම කළ බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (21) දින පෙරවරුවේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා.

ඊයේ (20) ඇතැම් පළාත්වල ඇදිරි නීතිය ඉවත් කිරීම සමග මත්පැන් අලෙවි සැල් අසල දැවැන්ත පෝලිම් දැකගත හැකි වූ අතර එය දැඩි විවේචනයට ලක් වුණා. විශේෂයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කළේ කොවිඩ් වසංගය අවසන් වන තෙක්වත් මත්පැන් හල් වසා දැමීමට හා දුම්වැටි අලෙවිය නතර කළ යුතු බවයි.

RSL

Related Posts