සජිත් කියන්නේ ‘කබ්බෙක්’ – පාලිත රංගේ බණ්ඩාර

Spread the love

පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කළේ නම් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ඊයේ (8) පැවැති උණුසුම්කාරී තත්වයෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

පක්‍ෂයේ සැලසුමෙන් පිට ගොස් ‘ශ්‍රී මුඛය’ වැනි අනවශ්‍ය කුණුහරප කතා කියූ නිසා ප්‍රේමදාස මහතා පරාජය වූ බවයි රංගේ බණ්ඩාර මහතා මෙහිදී සදහන් කළේ

‘කට හින්දා කේලෝගෙන අපිට කියලා වැඩක් නෑ. මාළුවත් කෙලෝගන්නෙ කට නිසා. එයත් කෙලෝ ගත්තේ කට නිසා’ යයි කී පාලිත රංගේ බණ්ඩාර මහතා සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයට නම් දැන් කබ්බෙක්යි යයිද කීවේය.

RSL

Related Posts