සජිත් ප්‍රේමදාස මහතා විසින් නායකත්වය දෙන සමගි ජන බලවේගය පක්ෂය විසින් එක්සත් ජාතික පාක්ෂිකයින් නොමග යැවීම සදහා හිතාමතා සැලසුම් සහගතව ‘කොළ‘ වර්ණය භාවිතා කරන බවට එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මැතිවරණ කොමිෂමට ලිඛිත පැමිණිල්ලක් කර තිබෙනවා.
මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට ලිපියක් යොමු කරමින් එජාප මහ ලේකම්වරයා ඉල්ලා ඇත්තේ සමගි ජනබලවේගය පක්ෂයේ මේ ක්‍රියාව එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට බරපතළ අගතියක් සිදු වන බවත් එම නිසා ඒ පිළිබඳව කඩිනම් අවධානය යොමු කර එක්සත් ජාතික පක්ෂයේ වර්ණය සමගි ජන බලවේගය භාවිත කිරීම වැළැක්වීමට පියවර ගන්නා ලෙසයි.
මෙහිදී එජාප හා සමගි ජන බලවේගය ව්‍යවස්ථාව උපුටා දක්වමින් එජාප මහ ලේකම්වරයා පෙන්වා දී ඇත්තේ එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව අනුව පක්ෂයේ වර්ණය ‘කොළ‘ පාට වන බවත් සමගි ජන බලවේගය පක්ෂයේ ව්‍යවස්ථාව අනුව එම පක්ෂයේ වර්ණය නිල් පාට වන බවයි.