එජාප නියෝජ්‍ය නායක ධුරය දරමින් සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට නාම යෝජනා ලබා දුන් සජිත් ප්‍රේමදාස මහතා එජාපය තුළ දැරූ සියලු තනතුරු සහ ආසන සංවිධායක ධුරය සහ වගකීම් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (29) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කළා.
මේ සමග සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සමග එක්ව මහ මැතිවරණය සදහා තරග වැදීමට නාමයෝජනා අස්සන් කළ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් 99 දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගනු ඇති බව සදහන්.
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇති අතර කෘත්‍යාධිකාරි මණ්ඩලය එය අනුමත කළා.
මීට අමතරව එජාපය නියෝජනය කරන සියලුම පළාත් පාලන මන්ත්‍රිවරුන්ට ඉදිරි මහ මැතිවරණයේදී එජාපය ජයග්‍රහණය කරවීම සදහා වැඩ කටයුතු කරන ලෙස දැනුම් දීමටත්, එම සෑම නියෝජිතයකුගේම නිවෙසේ එජාප කාර්යාලයක් විවෘත කරන ලෙස දැනුම් දීමටත් අද පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය කළා.
මේ අතර එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ප්රචාරක කාර්යාලයක් සිය නිවෙසේ විවෘත නොකරන පළාත් පාලන මන්ත්‍රිවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමටත් මෙහිදී තීන්දු කර තිබෙනවා.