ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 23 වැනිදා කොදෙව් දේශයට

Spread the love

මෙම තරග සංචාරය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ඇන්ටිගුවාහි ජෛව ආරක්ෂිත පරිසරයක් යටතේ විස්සයි-20 තරග 3 කට, එක්දින තරග 3 කට සහ ටෙස්ට් තරග 2 කට සහභාගිවනු ඇත.

ක්‍රිකට් ක්‍රීඩාවේ සියළුම ආකෘතීන් හෙවත් ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරග අංශ ආවරණය පරිදි බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පෙබරවාරි මස 23 වැනි අළුයම කොදෙව් දූපත් බලා පිටත්ව යනු ඇත.

මෙම තරග සංචාරය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ඇන්ටිගුවාහි ජෛව ආරක්ෂිත පරිසරයක් යටතේ විස්සයි-20 තරග 3 කට, එක්දින තරග 3 කට සහ ටෙස්ට් තරග 2 කට සහභාගිවනු ඇත. දින 31 ක කාලයක් පුරා විහිදෙන තරගාවලියේ පළමු තරගය මාර්තු මස 03 වැනිදා ඇන්ටිගුවාහි කූලිජ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු විස්සයි-20 තරගයෙන් ආරම්භ වනු ඇත.

මාර්තු මස 03 සහ 05 යන දෙදිනදී දෙවැනි සහ තෙවැනි විස්සයි-20 තරග පැවැත්වෙන අතර එම තරග සියල්ලම ඇන්ටිගුවාහි කූලිජ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇත. කූලිජ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන විස්සයි-20 තරග 3 ට අමතරව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සහ තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

එක්දින තරගාවලිය මාර්තු 10 වැනිදා ඇරඹෙන අතර දෙවැනි තරගය 12 වැනිදාත් තෙවැනි තරගය 14 වැනිදාත් පැවැත්වෙනු ඇත. මෙම තරගාවලිය යටතේ පැවැත්වෙන එක්ම දිවා/රාත්‍රී තරගය වන්නේ තෙවැනි එක්දින තරගය පමණි.

අවසන් අදියර වන ටෙස්ට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා පිල මාර්තු 17 සහ 18 යන දිනවලදී දෙදින පුහුණු තරගයකට සහභාගිවීමට නියමිතව තිබේ. එම තරගයෙන් පසු දින 3 ක කාලයකින් හෙවත් මාර්තු 21 වැනි දින පළමු ටෙස්ට් තරගයටද මාර්තු 29 වැනි දින දෙවැනි ටෙස්ට් තරගයකදට ශ්‍රී ලංකා පිල ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී සහභාගිවනු ඇත.

RSL

Related Posts