ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2001 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් අද (24) දින ප.ව 20.06ට සිදුකළ නවතම යාවත්කාලීන කිරීම්වල සදහන් වේ. ඒ අද දින නව ආසාදිතයින් 10 දෙනකු වාර්තා වීම සමගයි.
මෙම ආසාදිතයින් ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයින් බව ද සදහන් වේ.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නවමත වාර්තාවලට අනුව මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 428ක් වන අතර සුවය ලබා පිටව ගිය පුද්ගලයින් සංක්‍යාව 1562කි.
මේ අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩි දුරටත් සදහන් කරන්නේ අප්‍රේල් මස 30 වැනි දිනෙන් පසු සමාජයෙන් කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නැති බවයි.
ගෝලීය තත්ත්වය
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා සම්පත් මධ්‍යස්ථානයේ අද දින නවතම යාවත්කාලීන කිරීම්වලට අනුව ගෝලීය වශයෙන් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 9,295,365ක් වන අතර මරණ සංඛ්‍යාව 478,289ක්.
වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව සුපුරුදු ලෙස ඇමෙරිකාවෙන් වාර්තා වන අතර අද දිනය වන විට එය 2,325,970ක් සහ 121,279ක් ලෙස සටහන් වුණා.
බ්‍රසීලයේ ද ආසාදිතයින් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් තිබෙන අතර එය 1,106,470ක් සහ 52,645ක් ලෙස සටහන් වෙනවා.
රුසියාවෙන් ආසාදිතයින් 598,878ක් වාර්තා වුවත් එහි මරණ සංඛ්‍යාව සාපේක්ෂව පහළ අගයක් ගනිමින් 8503ක් ලෙස වාර්තා වුණා.
ඉන්දියාවේ ද කොවිඩ් ආසාදිතයින් සහ මරණ වේගයෙන් ඉහළ යන අතර අද දිනය වන වටි එහි ආසාදිතයින් සංඛ්‍යාව 440,215ක් දක්වා මරණ සංඛ්‍යාව 14,476 දක්වාත් වර්ධනය වුණා. අප අසල්වැසි පාකිස්ථානයේ සහ බංග්ලාදේශයේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට පිළිවෙළින් 185,034ක් සහ 119,198ක් වන අතර මරණ සංඛ්‍යාව පාකිස්ථානයේ 3755ක් සහ බංග්ලාදේශයේ 1582ක් ලෙස වාර්තා වෙනවා.
මැදපෙරදිග තත්ත්වය
මැද පෙරදිග කලාපයේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව වේගයෙන් වර්ධනය වන බවයි ජෝන්ස් හොප්කින්ස් වාර්තාවල දැක්වෙන්නේ. ඒ අනුව සෞදි අරාබියේ ආසාදිතයින් සංඛ්‍යාව 164,144 ක් වන අතර කටාරයෙන් 89,579 ක් ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් 45,683ක් ද, ක්වේටයෙන් 41,033 ක් ද වාර්තා වෙනවා. ඕමානයෙන් වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව 32,394 ක්.