වෛද්‍ය උපදෙස් දීමට කොළඹ ජාතික රෝහලෙන් ක්ෂණික දුරකථන ඇමැතුම් සේවාවක්

Spread the love

දැනට පවතින කෝවිඩ් 19 වසංගතය හේතුවෙන්, දෛනිකව වෛද්‍ය උපදෙස් හා සායන ඇතුලු ප්‍රතිකාර සේවාවන් ලබාගැනීම සදහා කොළඹ ජාතික රෝහලට පැමිණි රෝගීන්ට විවිධ අපහසුතාවයන් වලට මුහුන දීමට සිදුවී ඇත. මෙම තත්ත්වය පිළිබදව අවධානය යොමු කල ශ්‍රී ලංකා ජාතික රෝහල රෝගීන්ට දුරකථනයෙන්  ජාතික රෝහල අමතා අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගැනීමේ පහසුකම සළසා ඇති බව ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩබ්.කේ වික්‍රමසිංහ මහතා දන්වා සිටියි.

ඒ අනුව පහත සදහන් රෝග ලක්ෂණ මෑතක සිට ඇති වුවහොත්, එනම් ගිලීමේ අපහසුතාවයක්එක දිගට පවතින වමනයආහාර අරුචිය, ශරීරයේ අනපේක්ෂිත බර අඩුවීමක්ශරීරයේ දැඩි තෙහෙට්ටු බවක්වැසිකිළි යාමේ දී රුධිරය පහවිමක් හෝ කළු පැහැයට මළ පහ පිටවීමක්වැසිකිළි යාමේ රටාවේ වෙනස් වීමක්/මළ බද්ධයඑක දිගට පවතින උදරයේ වේදනාවක්ඇස්වල හෝ ශරීරයේ කහ පැහැ ගැන්වීමක්උදරයේ ගෙඩියක් හෝ ඉදිමීමක්පියයුරේ ගැටිත්තක්බෙල්ල ආශ්‍රීතව ඇති ගැටිති/ ගැටිත්තක්, කිහිල්ල හෝ ඉකිලිය ආශ්‍රිතව ඇති ගැටිතිකකුලේ ඇති සුව නොවන තුවාලයක්- විශේෂයෙන් ඔබට දියවැඩියාව ඇතිනම් හෝ දුම් පානය කරන්නේ නම් හදුන්වා දී ඇති දුරකථනය ඔස්සේ සම්බන්ධ වී වෛද්‍ය උපදෙස් ලබාගත හැක.

වෛද්‍ය උපදෙස් ලබාගැනීම සදහා සම්බන්ධ විය හැකි දුරකථන අංක 0113618724, 0768185157, 0112691111- (දිගුඅංක 2418 ) වන අතර, සදුදා සිට සෙනසුරාදා දක්වා සෑම දිනකම පෙරවරු 8.00 සිට පස්වරු 1.00 දක්වා ජාතික රෝහල ඇමතීමෙන්  මෙම සේවාව ලබාගත හැකිය.

RSL

Related Posts