සහෝදරයින් දෙදෙනකුට බලය දී එක් වේලක් කනවාද ? තුන් වේලම කන්න එක්සත් ජාතික පක්ෂයට බලය දෙනවාද යන්න ජනතාව අගෝස්තු 05 වැනිදා තීරණය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කරන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සදහා අද (02) ගාල්ල ක්‍රීඩා මණ්ඩප ශාලාවේ සංවිධානය කර තිබූ ජනහමුවේදී එජාප නායකයා මේ බව සදහන් කළේය.
‘මේක දේශපාලනඥයින්ගේ ඡන්දයක් නොවෙයි ඔබේ ඡන්දයක්. ඔබයි පාර්ලිමේන්තුවට පත්කර යැවිය යුතු අපේක්ෂකයින් තෝරා ගන්නේ. ඔබට ලබන පස් වැනිදාට තෝරා ගැනීමට තිබෙන්නේ පක්ෂ දෙකයි. ඒ පක්ෂ දෙකට පමණයි මේ රටේ ආණ්ඩු බලය ලබා ගැනීමේ හැකියාව තිබෙන්නේ. ඒ තමයි වත්මන් ආණ්ඩු බලය හිමි පොදුජන එක්සත් පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය. වෙන කිසිම පක්ෂයකට ආණ්ඩු බලය දිනා ගන්න බැහැ.
කාගේදෝ දේශපාලන පක්ෂයක් කියා තිබුණා ශක්තිමත් විපක්ෂයක් අවශ්‍යයි කියලා. තව පක්ෂයක් කියලා තිබුණා උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසදනවා කියලා. තව පක්ෂයක් ඇවිල්ලා ඉන්නේ මට බනින්න විතරමයි. ඒ නිසා මම ඉල්ලා සිටින්නේ වගකීමෙන් ඡන්දය ප්‍රකාශ කරන්න. මේ අවස්ථාවේ ඔබ ගන්නා තීරණය අනුව තමයි ඔබේ අනාගතය තීන්දු වෙන්නේ‘