විභාග පැවැත්වෙන දින පිළිබඳ අවසන් තීරණය ලබන සතිය තුළ දැනුම් දෙන බව අද (02) උදෑසන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවා.
මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ ඊයේ (01) දිනයේ දී ජනාධිපතිවරයා හා අගමැතිවරයා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සමග මේ පිළිබඳව කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඉතා දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි. ඉදිරියේ දී දරුවන්ට විභාගයට සුදානම් වීමට අවශ්‍ය කාලය කළමනාකරණය කරමින් විභාග පැවැත්වීමට කටයුතු කරන ලෙස ජනපතිවරයා විසින් අධ්‍යාපන අමාත්‍යවරයාට දැනුම් දුන් බවයි බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ.
එහිදී ජනපතිවරයාට කරුණු පැහැදිලි කළ අධ්‍යාපන අමාත්‍යවරයා ලබන සතිය තුළ විභාග දින පිළිබඳ අවසන් තීරණය ගන්නා බව ජනපතිවරයාට පැවසූ බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.
මෙහිදී පෙර පාසල් ආරම්භ කිරීම සමග පැන නගින සෞඛ්‍ය ගැටලූ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ගත් තීන්දු හෙළි කළ බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ සෞඛ්‍ය නිර්දේශ අනුව පෙර පාසල් හා 1 – 2 ශ්‍රේණිවල දරුවන්ට මුඛ ආවරණ පැළඳීම අසීරු වන බැවින් දරුවන්ගේ ජීවිත පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින්, සියලු පාසල් අගෝස්තු 10 වන දින ආරම්භ කිරීමට තීරණය කළ බවයි.
මෙහිදී අමාත්‍ය මණ්ඩල තීරණයට හේතු පැහැදිලි කරමින් අමාත්‍යවරයා කියා සිටියේ, දරුවන්ගේ ජීවිත පිළිබඳ වැඩි අවධානයකින් කටයුතු කළ යුතු බවත් එනිසා දරුවන්ට සම්බන්ධ කිසිදු තීරණයක් ආවේගශීලිව නොගත යුතු බවයි.