විදෙස් ගත ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් ගෙන්වා ගන්නේ මෙහෙමයි – පවිත‍්‍රා කියන කතාව

Spread the love

මැදපෙරදිග ඇතුලු විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයින් ක්‍රමාණුකූලව අදියරෙන් අදියර මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරනවා – සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව ප්‍රකාශ කරන ලද්දේ රාජගිරිය කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රීයාන්විත මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය – “කොවිඩ් – 19 වෛරසය අද මුළු ලෝකයේම සමාජය තුළ පැතිරුණු රෝගයක්. මේ රෝගය සමාජය තුල පැතිරීම සම්පූර්ණයෙන්ම තුරන් කළ ලෝකයේ තිබෙන එකම රට ශ්‍රී ලංකාව කියලා මම හිතනවා. අතිගරු ජනාධිපතිතුමාගේ සුවිසල් මැදිහත්වීම මත තමයි මේ අයුරින් අපේ රටේ මිනිසුන්ගේ ජිවිත රැක ගැනීමට අපට හැකියාව ලැබුනේ.

මැදපෙරදිග ඇතුලු නොයෙකුත් රටවල්වල විශාල ජනතාවක් ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. නමුත් අපට ප්‍රධාන වගකීමක් තිබෙනවා රට තුල ඉන්න ජනතාව කොවිඩ් වෛරසයෙන්  ආරක්ෂා කර ගැනීමට. එය රජයක් විදිහට අපට තිබෙන බරපතල වගකීමක්. මැදපෙරදිග ඇතුලු විදෙස් රටවල සිට ලංකාවට ඒමට බලාපොරොත්තු වන 50,000 කට අධික එම ජනතාව කණ්ඩායම් වශයෙන් අදියරෙන් අදියර මෙරටට ගෙනඒමට අප කටයුතු කරනවා. එහිදී අප රටට දැරිය හැකි ආකාරයට තමයි අපි ඒ ජනතාව ගෙන්විය යුත්තේ. එහිදී අප වගකීමෙන් කටයුතු කළ යුතු වෙනවා. මොකද යම් කිසි තැනකින් කාන්දුවක් ඇති වුවහොත් නැවත වෛරසය සමාජ ගත විය හැකි නිසා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි අශ්වාස ප්‍රාශ්වාස කිරීම සම්බන්ධව ද මෙම වෛරසය බෝවිය හැකියි. ලෝකයෙන්ම මෙම වෛරසයෙන් ජනතාව බේරගත්ත එකම රාජ්‍ය ලංකාවයි. විදෙස් රටවල ඉන්න ශ්‍රී ලාංකිකයින්ට අපි කියන්න ඔිනි අපි රජයක් විදිහට ඔබ ලංකාවට ගෙන්වාගැනීමට කටයුතු කරනවා. නමුත් එක සැරේ අපට සියළු දෙනා ගෙන්වන්න බැහැ. අපේ හමුදාව මැදිහත්වෙලා රට තුල විශාල නිරෝධායන කදවුරු සංඛ්‍යාවක් පවත්වාගෙන යනවා. එම ශක්තිය අනුව තමයි අද මෙම රෝගය මර්දනය කරන්න හැකියාව ලැබිලා තිබෙන්නේ. කඳවුරු 65 ක පමණ 10,000 කට අධික ජනගහනයක් රදවාගෙන නිරෝධායන කදවුරු පවත්වාගෙන යන්නේ. එහි උපරිමයට ගිහින් තිබෙනවා.

එබැවින් පිටරටවල සිටින අපේ ජනතාව ලංකාවට ගෙනඒමේ දී රජයක් විදිහට දීර්ඝව, ගැඹුරුව කල්පනා කරලා, ක්‍රමාණුකූලව අදියර වශයෙන් ගෙන්වීමට කටයුතු කරනවා. ඒ රටේ ජනතාවගේ සෞඛ්‍ය ගැන හිතලා.”  

RSL

Related Posts