කොවිඩ් -19 නිසා පනවන ලද ඇඳිරිනීතිය හේතුවෙන් මාර්තු සහ අප්‍රේල් මාස සඳහා නිකුත් කරන ලද විදුලි බිල සම්බන්ධව පැන නැගී ඇති ගැටලු සහගත තත්ත්වය සම්බන්ධයෙන් සොයා බලා විදුලි බිලට සහන ලබා දීම නිර්දේශ කිරීම සඳහා සිව් පුද්ගල කමිටුවක් පත්කර තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
කමිටුවේ සභාපතිවරයා ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත සමරකෝන් මහතා පත්කර ඇති අතර ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඇතුළු ලංකා විදුලි බල මණඩලයේ තවත් නිලධාරීන් තිදෙනෙකු ද එම කමිටුවට ඇතුළත් බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.
සිය අදහස් හා යෝජනා ලබන සඳුදා වනවිට ලබා දීමට පියවර ගන්නා ලෙස අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය විසින් අදාළ කමිටුවට උපදෙස් දී ඇති අතර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ලබන සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවට එම කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
කොවිඩ් -19 නිසා පනවන ලද ඇඳිරි නීතිය හේතුවෙන් මාර්තු සහ අප්‍රේල් මාස සඳහා නිකුත් කරන ලද විදුලි බිල සම්බන්ධව පැන නැගී ඇති ගැටලු සහගත තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ :රැුස් වූ කැබිනට් මණ්ඩලයට විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කරුණු ඉදිරිපත් කළ බව ද අදාළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.