වැඩක් කිරීමට සූදානම් ජනපතිට ‘වැඩක් කළ හැකි කණ්ඩායමක්’ ලබා දෙන ලෙස අගමැති ඉල්ලයි

Spread the love

හැට නව ලක්ෂයක් ජනතාව අනුමත කළ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙන කණ්ඩායමක් මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

වැඩක් කිරීමට සූදානමින් සිටින ජනාධිපතිවරයාට අවශ්‍ය වන්නේ වැඩක් කළ හැකි ඒ පිළිබද අවබෝධයක් ඇති කණ්ඩායමක් බවට අගමැතිවරයා මෙහිදී සදහන් කළේය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සදහන් කළේ අද (02) පෙරවරුවේ හම්බන්තොට වෙරළ උද්‍යානයේ සංවිධානය කර තිබූ ජන හමුවේදීය.

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වන අද දිනයේ දී අගමැතිවරයාගේ සහභාගීත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා ජනහමු රැසක් සංවිධානය කර තිබුණේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අගමැතිවරයා කියා සිටියේ අගෝස්තු 05 වැනිදා පාන්දරමින්ම ඡන්ද පොළට ගොස් පොහොට්ටුව ඉදිරියෙන් කතිරය ගසා මනාප තුනම ලකුණු කරන ලෙසයි. කටකතාවලට රැවටී ඡන්ද අයිතිය අහිමිකර නොගන්නා ලෙස ද මෙහිදී අගමැතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

අගමැතිවරයා කියා සිටියේ වසර පහකට පමණක් බලයට පැමිණ අනාගත පරපුරට අයිති සම්පත් විකුණා දමා කොළඹට පැන දිවූ නායකයින් සිටින මෙවැනි යුගයක ගමේ සංවර්ධනය වෙනුවෙන් කැපවී සිටින නායකයින්ට ජනතාව ඡන්දය ලබාදිය යුතු බවයි.

RSL

Related Posts