ව්‍යවස්ථා සංශෝධන හරහා උප අගමැතිකම් නෑ – ජී.එල්. අවධාරණය කරයි

Spread the love

ඉදිරි ව්‍යවස්ථා සංශෝධනයක් හරහා උප අගමැති ධුරයක් නිර්මාණය කිරීමේ තීරණයක් ආණ්ඩුව විසින් තවමත් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විසින් අවධාරණය කළේය.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද (24) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

මෙහිදී අධ්‍යාපන ඇමැති ජී.එල්.පීරිස් මහතා වැඩිදුරට පවසා සිටියේ, ඉදිරි ව්‍යවස්ථා සංශෝධනයක් හරහා ඕනෑම ධුරයක් නිර්මාණය කිරීමේ හැකිව තිබුණද, උප අගමැති ධුරයක් ඇති කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් සාකච්ඡා කර නොමැති බවයි.

පසුගිය කැබිනට් මණ්ඩලයේදී කැබිනට් අමාත්‍යධුරයක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමි නොවූ අතර එහිදී ඇතැම් මාධ්‍ය වාර්තා කළේ සිරිසේන මහතාට නව ව්‍යවස්ථාව යටකේ උප අගමැති ධුරයක් ලබාදීමට තීන්දුකර ඇති බවයි.

මේ බව තහවුරු වන ප්‍රකාශයක් පසුගිය 20 වන දා පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් කළ විමසීමක දී  එම පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් ද හෙළි කළේය.

එම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත්කිරීමට ද, ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ බව ද එම කමිටුවේ සභාපතිවරයා ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පත් කර තිබෙන බව ද එහිදී දයාසිරි ජයසේකර මහතා කීවේය.

RSL

Related Posts