ලංකාව තුළ සිදුවන ගැබ් ගැනීම්වලින් 3/1ක් අනවශ්‍ය හෝ සැලසුම් නොකළ ඒවා බව වෛද්‍යවරු කියනවා. ඊට ප්‍රධාන හේතුව වන්නේ පවුල් සැලසුම් ක්‍රම ගැන නොදැනුවත්කම බවයි පොදුවේ පිළිගන්නේ. මේ ගැටලුව විසදා ගැනීමට නම් කළ යුතු නිවැරදිව දේ වන්නේ ‘පවුල් සැලසුම් ක්‍රම’ ගැන නිසි පරිදි දැනුවත් වීමයි.
එවැනි දැනුවත් භාවයක් තිබුණහොත් අනවශ්‍ය, සැලසුම් නොකළ ගැබ් ගැනීම් වගේම, එඩ්ස් ඇතුළු සමාජ රෝගවලින් ද වැළකී පූර්ණ ලිංගික තෘප්තියක් ලබා ගැනීමට ඔබට අවකාශය සැලසෙනවා. පවුල් සැලසුම් ක්‍රම ගැන විද්‍යාත්මක දැනුමක් ඔබ වෙත ගෙන එන මෙම ලිපි මලාව මගින් මෙවර අපි ඉදිරිපත් කරන්නේ ‘ලූපය’ ගැන පූර්ණ දැනුමක්.
වෛද්‍ය විශේෂඥයින්ට අනුව ‘ලූපය’ ඉතාම ඵලදායී පවුල් සැලසුම් ක්‍රමයක් එහි ඵලදායීතාවය 99%ක් බව සොයා ගෙන තිබෙනවා. එමෙන්ම මෙය ගර්භාෂයේ තැන්පත් කළ සැනින් ඔබට අවශ්‍ය උපත් පාලනය සිදුවන අතර ඉවත් කළ සැනින් ගැබ් ගැනීම සිදු වෙනවා. පහසුවෙන් මෙම උපත් පාලන ක්‍රමයට යොවුවිය හැකි වීම ද වාසියක් ලෙස සැලකෙනවා.
අපි මෙම ලිපි පෙළ සම්පාදනය කළේ ‘ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමයේ නිල අන්තර්ජාල අඩවියේ තොරතුරු මතයි.
ලූපය
ලූපය යනු කුමක් ද?
මෙය බොහෝවිට මෘදු ප්ලාස්ටික් වලින් නිම කරන ලද කුඩා, නැමෙන සුලු උපකරණයකි. මෙහි ඇති කුඩා තන්තු දෙක ගැබ් ගෙල තුළින් යෝනි මාර්ගය තුළ රැදී සිටින සේ සකසා ඇත.මෙම උපකරණය ගර්භාෂය තුළට ඇතුල් කිරීම ඉතා සරලව විෂබීජයන්ගෙන් තොර වූ තත්ව යටතේ සිදු කළ හැක.
සාමාන්‍යයෙන් භාවිත කෙරෙන ලූප වර්ග ප්‍රධාන වශයෙන් දෙකකි.
- කොපර් ලූපය (තඹ වලින් සැදුනු ලූපය)
- ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය නිකුත් කරන ලූපය (මිරේනා) Mirena
මෙය ක්‍රියා කරන්නේ කෙසේ ද ?
- ලූපය මගින් ගර්භාෂය තුළ ප්‍රදාහයක් (Inflammation) ඇති කරවීම නිසා එමගින් ශුක්‍රාණු හා ඩිම්බ විනාශ වී යයි. මෙමගින් ගර්භාෂයේ ඇතුළත පටක ස්ථරවල සංයුතියෙහි වෙනසක් ඇති කරයි. එම නිසා සංසේචනය වු ඩිම්බය හෙවත් යුක්තානුව ගර්භාෂ බිත්තියේ රෝපණය වීම වළක්වයි.
- එමගින් ශුක්‍රාණු සහ ඩිම්බ චලනයට බාධා ඇති කරයි.
- නමුත් ලූපයෙහි ක්‍රියකාරිත්වයට ගබිසා කිරීම අයත් නොවේ.
ලූපය කෙතරම් ඵලදායක ද?
- මෙය ඉතා ඵලදායි දීර්ඝකාලීන උපත් පාලන ක්රමයකි. (99%)
- මෙය ගර්භාෂයේ තැන්පත් කළ සැනින් ඔබට අවශ්‍ය උපත් පාලනය සිදුවෙයි.
- කොපර්(තඹ) ලූපය එක් වරක් ඇතුල් කල පසු නොකඩවා, අවුරුදු 10ක කාලයක් ගර්භිණීවීම වළක්වයි. අවුරුදු 10කට පසු එම ලූපය ඉවත් කර එසැනින් අලුත් ලූපයක් තැන්පත් කරගත හැක. එක් ලූපයක් ඉවත් කර අලුත් ලූපයක් ඇතුල් කිරීමට පෙර කාලයක් බලා සිටිම අවශ්‍ය නොවේ.
- මීට අමතරව මිරීනා ලූපය මගින් අධික ආර්තව රුධිර වහනය අඩු කිරිම ද සිදුවේ.
- මෙම ලුපය අසාර්ථක වී ගර්භිණී වුව ද ඉන් දරුවාට අහිතකර ප්‍රතිඵලයක් අත්වන බවට සාධක නැත.
ලූපය භාවිත කළ හැක්කේ කාහට ද?
- දරු උපත් අතර කාල පරතරය වැඩි කිරීමට
- දරුවන් ගණන සීමා කිරීම
- නිරන්තර පරික්ෂා කිරීම අවශ්‍ය වන වෙනත් උපත්පාලන ක්‍රම භාවිත කිරීමට අකැමැති කාන්තාවන් සදහා
ලූපය නොපැළදිය යුත්තේ කවුරුන් ද?
- ගර්භිණී බවට පත් වූ හෝ ගර්භිණී යැයි සැක කළ හැකි කාන්තාවන්
- ප්‍රජනන ඉන්ද්රියයන් ආශ්‍රිතව ආසාදන තත්වයක් පවතින හෝ අතීතයේ දී පැවතුනු කාන්තාවන්
- යෝනි මාර්ගයෙන් අසාමාන්‍ය රුධිර වහනය වන තත්වයන් ඇති කාන්තාවන්ට
- ප්‍රජනන ඉන්ද්‍රියන් සම්බන්ධව සැක කරන හෝ තහවුරු කරගත් පිළිකා ඇති කාන්තාවන්ට
පැළදීම කළ යුත්තේ කුමන කාලයකදී ද?
- ඔබට ක්‍රමවත් මාසික ශුද්ධවීම සිදුවන්නේ නම්,
මාසික ශුද්ධවීම සිදු වී පළමු දින 5-7 ඇතුළත - දරු උපතකින් පසු,
දරු උපතින් පසු පළමු පැය 48 ඇතුළත හෝ සති 4-6 කට පසු අතර කාලයේ දී ලූපය තැන්පත් කලෙහාත් එය තැන්පත්කළ තැනින් එළියට ඒමට හෝ අස්ථානගත වීමේ හැකියාව ඇත. - ගබ්සාවිමකින් පසු,
පළමු පැය 48 ඇතුළත හෝ සති 4-6කට පසු
ලූපය තැන්පත් කරන්නේ කෙසේද?
ලූපය තැන්පත් කළ යුත්තේ ඒ සදහා පුහුණුවක් ඇති පුද්ගලයකු විසින් විෂබීජයන්ගෙන් තොර වූ තත්ත්වයන් යටත දීය.
ලූපය තැන්පත් කළ පසු ඇතිවිය හැකි ගැටලු මොනවා ද?
- උදර වේදනාවක් මුල් පැය 24-48 ඇතුළත පැවතිය හැක. ඒ සදහා පැරසිටමෝල් වැනි සුලු වේදනා නාශයක් භාවිත කල හැක.
- යෝනි මාර්ගයෙන් සුලු රුධිර වහනයක් මුල් සති 3-4 ඇතුළත ඇති විය හැක. මෙය බිය විය යුතු තත්වයක් නොවේ.
- ලුපය අස්ථානගතවීම හෝ එළියට පැමිණීම
මෙය සිදුවන්නේ ප්‍රධාන වශයෙන් ම මාසික ශුද්ධියක් සමගයි. එම නිසා සෑම මාසික ශුද්ධියක් අවසානයේ දී ම යෝනි මාර්ගයේ ඇති ලූපයෙ තන්තු පරික්ෂා කිරිමෙන් ලුපය නිසි තැන තිබේදැයි පරික්ෂාකර ගත හැක. - ලූපය තැන්පත් කර පළමු මාසික ශුද්ධි 3 -4 පෙරට වඩා වැඩි රුධිර වහනයක් පෙරට වඩා වැඩි කාලයක් පැවතිමේ හැකියාවක් ඇත. මෙය ද බිය විය යුතු තත්ත්වයක් නොවේ. එය නැවතත් සාමාන්‍ය තත්වයට පත්වේ.
- ඉතාමත් කලාතුරකින් ලූපය තැන්පත් කරන අවස්ථාවේදී ගර්භාෂය සිදුරුවීමේ හැකියාවක් පවතී. නමුත් එය කිසිවිටක ශරීරයේ වෙනත් ස්ථානවලට ගමන් කිරීමක් සිදු නොවේ.
- ප්‍රජනන ඉන්ද්රියයන් ආශ්රිත ආසාදන තත්වයන්
ලූපයේ තන්තු පරික්ෂා කරන්නේ කෙසේ ද?
- අත් හොදින් සෝදා ඉදගන්න. නැතිනම් ඇන තියා ඉදගන්න.
- ඔබගේ දඹරැගිල්ල හො මැදැගිල්ල යෝනි මාර්ගය තුළට ගැබ්ගෙල ස්පර්ශ වන තෙක් යොමු කරන්න.
- ගැබ්ගෙල ඔබට අසුවන්නේ රබර් වැනි තරමක් ඝන ස්ථානයක් ලෙසයි. එය ඔබගේ නාසයේ කෙලවර ඇති ඝණ බවට සමාන කිරීමෙන් ඔබට හදුනා ගැනීම පහසු වනු ඇත.
- එම ගැබ්ගෙල තුළින් ඉවතට පැමිණෙන තන්තු මෙහි දී ඔබට ස්පර්ශ කළ හැක. ඔබට එය ස්පර්ශ කල හැකි වුවහොත් ඉන් අදහස් කරනුයේ ලූපය නියමිත ස්ථානයේ ක්‍රියාකාරි තත්වයෙන් පවතින බවයි. නමුත් තන්තු පෙර අවස්ථාවලට වඩා දිගින් වැඩිනම් හෝ කෙටි වී ඇත්නම් හෝ ඔබට එය සොයාගත නොහැකි නම් ඉක්මණින් ඔබගේ වෛද්‍යවරයා හමුවන්න.
- තන්තුවලින් ඇදීම කිසිවිටකත් කරන්න එපා.එමගින් ලූපය නියමිත ස්ථානයෙන් වෙනස් කිරීමට හෝ ගැලවී එළියට පැමිණීම වුවත් සිදුවිය හැක.
ලූපය තැන්පත් කිරිමෙන් පසු නැවත වෛද්‍ය පරික්ෂාවක් සිදු කරගත යුත්තේ කවදාද?
ලූපය තැන්පත් කළ පසු පළමු පසු විපරුම සදහා සති 4-6කින් වෛද්‍යවරයා හමුවිය යුතු අතර ඉන් අනතුරුව වසරක් පාසා පරික්ෂණ කරගැනීම සෑහේ.
නමුත් යම් හෙයකින් ඔබට,
- මාසික ශුද්ධිය ප්‍රමාද වීමක්
- සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි ආර්තව රුධිර වහනයක් හෝ පෙරට වඩා වැඩි කාලයක් පවතින ඔසප්වීමක් හෝ රුධිරය සුලු වශයෙන් (බින්දු වශයෙන්) ඔසප්වීම් අතරතුර වහනය වීමක්
- දැඩි උදර වේදනාවක්
- ලිංගික සංසර්ගයේ දී ඇතිවන වේදනාවක් හෝ රුධිර වහනයක්
- දැඩි උදර වේදනාවක් සමග පවතින සැරව වැනි ශ්‍රාවය පිටවීමක් හා වෙව්ලීමක් ඇතිව හෝ නැතිව පවත්නා උණක් (ප්‍රජනන ඉන්ද්රියයන් ආශ්රිත ආසාදන තත්ත්වයන්)
- තන්තු හැලී හෝ ඇගිල්ලට ස්පර්ශ නොවේ නම්
- ලූපයේ ඝන කොටස් ඇගිල්ලට හමුවේ නම්
ඔබ හැකි ඉක්මණින් ඔබගේ වෛද්‍යවරයා හමු විය යුතුය.
ලූපය ඉවත් කිරීමෙන් පසු නැවත ගර්භිණී වීමට කොපමණ කාලයක් බලා සිටිය යුතුද ?
ලූපය ඉවත් කල සැනින් ඔබගේ සරු බව නැවත ඇතිවේ. ලුපය ඉවත් කර පසුදා පටන් ගර්භිණීවීමට උත්සාහ කළ හැක.
ලූපයක් තැන්පත් කිරීමෙන් පසු ලිංගික සංසර්ගයක් කිරිමට කොපමණ වේලා බලා සිටිය යුතුද?
ලුපය තැන්පත් කර ඔබගේ ශරීරයට පහසුතාවයක් දැනුණු පසු ලිංගික සංසර්ගයේ නිරතවීමට හැක.
ලූපය මගින් ලිංගික සංසර්ගයේ දී කිසියම් අපහසුතාවයක් ඇති කරයි ද ?
නැත. එමගින් කිසිදු අපහසුතාවයක් හෝ වේදනාවක් ඇති නොකරයි. එසේම ලිංගික සංසර්ගය හේතුවෙන් ලුපය අස්ථානගත වීමක් ද සිදුනොවේ. ලුපය හේතුවෙන් ඔබගේ ලිංගික තෘප්තියට කිසිදු බලපෑමක් ඇති නොකරයි.
මෙමගින් මා ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලින් ආරක්ෂා කරයි ද ?
නැත. ඒ සදහා ඔබට කොන්ඩමයක් වැනි අතිරේක ක්‍රමයක් භාවිත කිරීමට සිදුවේ.
ලූපයක් තැන්පත් කරගැනිම කළ හැක්කේ කුමන ස්ථානවලින් ද ?
- සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සායන
- රජයේ සහ පෞද්ගලික රෝහල්වලින්
- පවුල් සෞඛ්‍ය කාර්යාංශය
- පවුල් සංවිධාන සංගමය යන ස්ථානවලිනි.
සැකසුම – තුෂාධවි