‘ලෝකයේ වයස්ගතම කාන්තාව’ Covid ආසාදනය වී සුවය ලබයි !

Spread the love

කොවිඩ්-19 වසංගතය වැඩිහිටියන්ට, විශේෂයෙන් ජීවිතයේ සැදෑ සමය ගතකරන අයට මාරාන්තික බව අපි කවුරුත් දන්නවා. මේ දක්වා ලංකාව ද ඇතුළත්ව කොවිඩ්-19 ආසාදනය වීමෙන් මියගිය බහුතරය ඉතාම වැඩිමහළු පුද්ගලයින්.

මෙවැනි තත්ත්වයක් තිබියදී අද (10) ජාත්‍යන්තර මාධ්‍යවල ප්‍රධාන අවධානයක් දිනාගත් පුවතක් බවට ප්‍රංශ ජාතික කන්‍යා සොයුරියක් පත් වුණා. යුරෝපයේ වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන, 117 වැනි වියේ පසුවන ලුසීල් රැන්ඩන් කන්‍යා සොයුරිය කොවිඩ් 19 ආසාදනය වීමෙන් පසු දිවි ගළවා ගෙන තිබෙනවා. එය ඇයගේ 117ක් වැනි උපන් දිනයට දින කිහිපයකට පෙර වීම තවත් විශේෂත්වයක්.

1944 දී සහෝදරී ඇන්ඩ්‍රේගේ නම ගත් ලුසීල් රැන්ඩන් කන්‍යා සොයුරියට ජනවාරි 16 වන දින කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වූ නමුත් කිසිදු රෝග ලක්ෂණයක් දක්නට ලැබුණේ නැහැ.

ඇය ප්‍රාදේශීය මාධ්‍යයට පැවසුවේ “ මා හට කොවිඩ් ආසාදනය වී ඇති බව මා දැන සිටියේ නැහැ” කියයි.

ඇය දකුණු ප්‍රංශයේ ටූලෝන් හි පිහිටි සිය විශ්‍රාමික නිවසේ වෙනත් පදිංචිකරුවන්ගෙන් වෙන්ව හුදෙකලා වූ නමුත් දැන් එය සම්පූර්ණ සුවය ලබා සිටිනවා.

අන්ධව රෝද පුටුවක් භාවිතා කරන සහෝදරී ඇන්ඩ්‍රේ ලබන බ්‍රහස්පතින්දා සිය 117 වැනි උපන්දිනය සැමරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

“ඇය ඉතා වාසනාවන්තයි,” සාන්ත කැතරින් ලේබර් විශ්‍රාමික නිවාසයේ ප්‍රකාශක ඩේවිඩ් ටවෙලා පැවසුවා.

ඔහු වර් මැටින් පුවත්පතට මෙසේ පැවසුවා: “ඇය මගෙන් ඇසුවේ ඇගේ සෞඛ්‍යය ගැන නොව ඇගේ පුරුදු ගැන යි. නිදසුනක් වශයෙන්, ඇය ආහාර ගන්නා හෝ නින්දට යන කාලසටහන් වෙනස් වේ දැයි දැන ගැනීමට ඇයට අවශ්‍ය වුණා. ඇය රෝගයට බියක් දැක්වූයේ නැහැ. අනෙක් අතට ඇය අනෙක් නිවැසියන් ගැන බෙහෙවින් සැලකිලිමත් වුණා”

සහෝදරී ඇන්ඩ්‍රේ 1904 පෙබරවාරි 11 වන දින උපත ලැබුවා. යුරෝපයේ වයස්ගතම තැනැත්තිය මෙන්ම ඇය ලෝකයේ දෙවන වයස්ගතම තැනැත්තියද බව (ප්‍රවේණි විද්‍යා පර්යේෂණ කණ්ඩායමේ (ජීආර්ජී) ලෝක සුපර්සෙන්ටේරියන් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවට අනුව) සදහන් වෙනවා.

ප්‍රංශ ගුවන් විදුලිය ‘ඔබට කෝවිඩ් වලට බය දැයි ? ඇසූ විට සහෝදරී ඇන්ඩ්‍රේ පැවසුවේ “නෑ, මම බය වුණේ නැහැ, මොකද මම මැරෙන්න බය වුණේ නැහැ‘ කියලයි.

“ඔබ සමඟ සිටීම ගැන මම සතුටු වෙනවා. නමුත් මම වෙනත් තැනක සිටීමට කැමැතියි. ඒ මගේ ලොකු සහෝදරයා හා මගේ සීයා සහ මගේ ආච්චි සමඟ එක්වීමටයි”

බී.බී.සී වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

RSL

Related Posts