ලංකාවේ අධ්‍යාපන සහ මාධ්‍ය ආයතනවලට ‘තුර්කි FETO ත්‍රස්තවාදීන්’ මුදල් දීලා

Spread the love

රටක අධ්‍යාපනයේ ප්‍රධාන වගකීම ඇත්තේ  එරට අධ්‍යාපන අමාත්‍යාංශයටයි. ලෝ පුරා පිළිගත් ඒ සම්ප්‍රදාය ක්‍රියාත්මක නොවන එකම රට ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාලනය වන රජයේ පාසැල් පද්ධතිය  තුළ  ලක්ෂ 42ක් පමණ සියලු ජාතීන්ට අයත් ශිෂ්‍ය පරපුරක් අධ්‍යාපනය ලබන  අතර ඒ  තුළ  ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ  රජය විසින් සකසා ඉදිරිපත් කර ඇති විෂය  නිර්දේශයයි.

එසේම රජයේ  ලියා පදිංචි වී  ඇති  පුද්ගලික  පාසල් 80ක් හා එයට  අනුබද්ධ ආයතන දහයක් ඇති අතර   එම පාසල් තුළ 134,842 සිසුන් ඉගෙනුම ලබන අතර බොහෝ දුරට දේශීය විෂය නිර්දේශය උගන්වනු ලබයි.

එහෙත් 392 කට ආසන්න  අන්තර් ජාතික හා මද්රසා පාසල් වල සිසුන් 159,000ක් පමණ ඉගෙන ගන්නා අතර ඔවුන්  බහුතරය ඉගෙන ගන්නේ බ්‍රිතාන්‍ය  විෂය නිර්දේශයයි.  එසේම මද්රසා පාසල්වල උගන්වනු ලබන්නේ ශ්‍රී ලංකාවට කිසිසේත් අදාළ නැති  අරාබි විෂය ධාරාවන් වන අතර  එම ඉගෙන ගන්නා සියලු සිසුන්ට (British Curriculum  – arabic curriculum)  උගන්වන  අතර අපේ ඉතිහාසය, සංස්කෘතිය,සාර ධර්ම  හා ජීවන රටාව උගන් වන්නේ නැත.

අන්තර් ජාතික පාසල් ක්‍රියාත්මක වන්නේ  ආයෝජන මණ්ඩලය තුළ (BOl Project)  හා සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති අතර ලියා පදිංචි වී  නොමැති ආයතන ද වන බව වාර්තා වේ.

මෙම අන්තර්ජාතික හා මද්රසා පාසල් සියල්ල අධ්‍යාපන අමාත්‍යාංශයේ හෝ රජයේ හෝ පාලනයකින් තොරව  මුදල් ඉපයීම අන්තවාදී ආගම් ප්‍රචාරණයට පමණක් පදනම් කරගත් වෙළෙඳ ව්‍යාපාර ලෙස පවතින්නේ ය ඒවායේ  විෂය නිර්දේශය (Curriculum ) ගුරුවරුන් සහ පරිපාලකයන් තේරීම, මුදල් අය කිරීම තමන් ට  කැමති ආකාරයකින් කවර හෝ රාජ්‍ය නියාමනය කින් තොරව  සිදු කරනු ලබන  අතර   ගුරුවරුන්ගේ සුදුසුකම් කිසිදු පරීක්ෂාවක් කෙරෙන්නේ නැත.

මද්රසා  පාසල්වල ඉගැන්වීම සඳහා පකිස්තානය සහ සවුදි අරාබියෙ  පූජකවරුන් පැමිණෙන බවද වාර්තා වේ. මේ බව පාස්කු ප්‍රහාරය පිළිබඳ පැවැත්වෙන කොමිෂන් සභාවේ දී ද තහවුරු වී ඇත.

 රටක අනාගත පරපුර බිහි කිරීමේ කාර්යය මේ ආකාරයෙන්  ජාවාරම්කරුවන් ත්‍රස්තවාදයට පාර කපන අන්තවාදය උගන්වන්නන්  හෝ වෙළඳ ව්‍යාපාරිකයින් අතට  පත් වීම කෙතරම් භයානක විය හැකි ද ? අධ්‍යාපනය මෙන්ම උසස් අධ්‍යාපනය ද  මේ ඉරණමට පත් වීමේ ප්‍රතිඵල අපිත් මේ වන විටත් අත්දකිමින් සිටිමු.

උසස් පෙළ විෂයන් 3 ම අසමත් (3 F   ) අය පවා මෑතක දී  අධිකරණ නියෝග වලින් වෛද්‍යවරු ලෙස  සීමාවාසික පත්වීම්  ලබද්දී,  උසස් පෙළ විෂයයන් තුනටම උසස් ප්‍රතිඵල ලබා ගත්   මුදල් හා වරප්‍රසාද අහිමි  ශිෂ්‍යයෝ විශාල සංඛ්‍යාවක් වෛද්‍යවරුන් වීමේ වාසනාව අහිමි ව සුසුම් හෙළති.

මේ අයුරින් මුදල් හා වරප්‍රසාද වලට සමස්ත අධ්‍යාපනය  හා උසස් අධ්‍යාපනය  යටවීමේ  භයානක ඛේදවාචකය  නම් රෝගීන් ජීවිත  බරපතල ලෙස  අවදානමකට ලක් වීම රටේ සමස්ත සෞඛ්‍යය පද්ධතියම විනාශ වීමෙන්  ඒ රටේ සමස්තයටම  බලපාන කරුණක් වීමයි .

අපේ ඉතිහාසය, සංස්කෘතිය හා සාරධර්ම පිළිබඳ ව අවබෝධයක් හෝ  හැඟීමක් නොමැති පර ගැති අදහස්  කර පින්නා ගත් රටට ආදරේ නොකරන අනාගත පරපුරක් බිහි වීම බරපතළ තත්ත්වයක්  නො වේ ද ? නව යටත්  විජිත වාදය, නව මුහුණුවරකින්  අන්තර්ජාතික  පාසල් (International Schools ) හරහා ක්‍රියාත්මක කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වූ අරමුණ එය නොවේද ?

රජයේ පාසැල් වල ඉගෙන ගන්නා ශිෂ්‍යයින්ට වඩා වසර 3- 4  කට කලින් උපාධිධාරීන් බවට පත් වී රජයේ සහ පෞද්ගලික අංශ වල රැකියා අවස්ථා, උසස්වීම්  සහ වරප්‍රසාද ලබා ගන්නා  මේ අය  අපේ රට වෙනුවෙන් පෙනී සිටී ද ? 

රටක අනාගතය තීරණය කරන අධ්‍යාපනය, රජයේ  නියාමනය යටතේ , ජාති ආගම් හෝ කවර භේදයක් නොසලකා , සමස්ත දරු පරපුර වෙත එකම නීතිමය රාමුවක් (Legal  Frame   ) තුළ ක්‍රියාත්මක විය යුතු ය. එමෙන්ම එකම කාල රාමුවක් (Time Frame)   සියලු ම පාසල් තුළ   ක්‍රියාත්මක විය යුතු ය. සියලුම දරුවන්ට කුසලතාවය හා සමානතාවය අනුව  සම අවස්ථා ලබා දිය යුතු ය (Merit and  Equity ) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියට UN Human Rights  Charter   අනුව සිදු විය යුත්තේ එයයි.

එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  ( UNO  ) සාමාජික රටක් වන ශ්‍රී ලංකාවේ  එය ක්‍රියාත්මක වන්නේ ද? මද්ද්‍රසා  පාසල්  ( Madrasa Schools   ) නමින් හඳුන්වන ඉස්ලාම් ආගමික පාසැල් තුල  සිදු වන්නේ මීටත් වඩා භයානක ක්‍රියාදාමයකි.

රජයේ ලියාපදිංචි නොවී ක්‍රියාත්මක වන මද්ද්‍රසා පාසල් විශාල සංඛ්‍යාවක් ඇති අතර, ඒවායේ උගන්වන විෂය නිර්දේශය ,ගුරුවරුන් සහ පරිපාලනය පිළිබඳ බරපතළ ගැටලු පවතී.
එම පාසැල් වල ද අපේ රටේ විෂය නිර්දේශය ක්‍රියාත්මක නො වන අතර අරාබි විෂය  නිර්දේශය, ෂරියා නීතිය ඇතුළු අන්තවාදී මූලධර්ම ශිෂ්‍යයන්ට උගන්වන බවටද මේ වන විට පැමිණිලි ලැබී තිබේ .

මේ තත්ත්වය රටේ සමස්ත ජාතික ආරක්ෂාවට මෙන් ම ජාතීන් අතර සමගිය සහ සහජීවනයට ද  බරපතළ තර්ජනයකි. එසේම මෙරට පිහිටි තුර්කි තානාපති  තුමිය විසින්  එම රාජ්‍යය තුළ  ක්‍රියාත්මක වන ෆෙටෝ ත්‍රස්තවාදීන්  මේ රටේ අධ්‍යාපන කටයුතුවලට හා මාධ්‍ය භාවිතාව සඳහා මුදල් මීට පෙර වියදම් කර ඇති බව හා නැවත එම උත්සාහය ගනු ලබන බව  2020.07.15 දින නිවේදනයක් මගින් ප්‍රකාශයට ද පත්කර ඇති කාල වකවානුවක අප ඒ සම්බන්ධයෙන් දැඩි ලෙස විමසිලිමත් විය යුතු බව හා  එය වැලැක්වීමට කටයුතු කළ යුතු ව ඇත.

රටේ අනිකුත් නීතීන් මෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන් ද රටේ එකම නීතියක් ක්‍රියාත්මක විය යුතු බව බහුතර ජනතාවගේ  අදහස  විශ්වාසය වී ඇත. එමෙන් ම මේ තත්ත්වය තවදුරටත් පමා නොවී විසඳිය යුතු බව ද අවධාරණය කරන අතර. ලක්ෂ හතළිස්  දෙකක් වන දේශීය විෂය නිර්දේශ හදාරන සිසුන්ගේ පාසල් අධ්‍යාපන කාල සීමාව වසර 13 ක් වෙනුවට වසර 11 එකොළහක් දක්වා අඩු කර රටේ අනික් අයවලුන්ට මෙන්   සම අවස්ථා ලබා දිය යුතුව ඇත.

පසුගිය යහ පාලන සමයේ  දේශීය විෂය නිර්දේශ උගන්වන පාසල් දෙසීයක්  පමණ සිසුන් නොමැතිවීම හේතුවෙන් වැසී ගිය අතර විශේෂිතම කරුණ වනුයේ උතුරු  නැගෙනහිරට සාපේක්ෂව බස්නහිර පලාතේ ද  පාසල් වැසී යාම සිදුවන විට පොකුරු වශයෙන් බස්නාහිර පළාතේ ජාත්‍යන්තර පාසල්  බිහි වීමයි.

දැනට එම පාසල්වල  අධික ලෙස හිතු මනාපයට දෙමාපියන් ගෙන් මුදල් අය කර ගැනීම ගැන මේ දිනවල සමාජයේ දැඩි කතාබහක් ඇතිව ඇති  අතර  මුදල් නොගෙවීම නිසා සිසුන් සිර කර තබා ගැනීම සහ  සිසුන් පාසලෙන් එලවා දැමීමට ද කටයුතු කර ඇත මේ සම්බන්ධයෙන්  අභියාචනාධිකරණයේ ද නඩුවක් විභාග වෙමින් පවතී. 

එසේම  විදේශ විභාග වෙනුවෙන් වාර්ෂික ව  බ්‍රිතාන්‍ය ට ඉන්දියාවට හා වෙනත් රටවලට ඇදී යන රුපියල් බිලියන ගණනාවක මුදල් මේ රටේ ආර්ථිකයට බලපාන බැවින්   විදේශ යට ඇදී යන එම  මුදල් මේ රටේ  පාසල් අධ්‍යාපනය වෙනුවෙන් යොදවන්නේ නම් නිදහස් අධ්‍යාපන ට ආදර්ශයක් වන පින්ලන්තය මෙන් ඒ කටයුතු කිරීමට හැකි වනු ඇත.

එසේම එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කරන්නේ මෙලෙස ද ? එසේ නම් මේ රටේ සියලු දරුවන්ට ජාති ආගම් කුලමල භේදයකින් තොරව එකම විෂය නිර්දේශයක් ඉගැන්විය යුතු නො වේ ද ?

අනාගත පරපුරේ ජීවිත කාලයෙන් අඩක් පාසල් හා  විශ්වවිද්‍යාල  පද්ධතිය තුළට කොටු කර තැබීම මොන තරම් අසාධාරණද රටේ අනාගත පරපුර බිහිවීම  වළක්වාලීමට මේ  අධ්‍යාපන ක්‍රමය අද වන විට හේතු වී ඇත.

බොහෝ පුද්ගලික පාසල්  තම ජාවාරම කරගෙන යාම සඳහා අදාල තොරතුරු  ලබා නොදෙන හෙයින් ඒ  සම්බන්ධයෙන් ද විමසීමක් කරන ලෙස කාරුණිකව දන්වමු.

මේ සියලු කාරණා සැලකිල්ලට ගැනීමේදී අනාගතයේදී අප රට හයිටි රාජ්‍යය මෙන්  වීමට යාමෙන්  සහ අනාගත අර්බුද වලින් බේරා  ගැනීමට නම් එක නීතියක් යටතේ සියලු කටයුතු සිදු කළ යුතු ව ඇත.

මේ සබැඳිව රට සහ ජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යයට ද විශේෂ වගකීමක් ඇති අතර තුර්කි තානාපති තුමිය පවසන පරිදි මේ රටේ අධ්‍යාපනය  වෙනස් කර ඔළු සේදීම සඳහා මාධ්‍ය ද භාවිතා කරන බව දන්වා ඇති හෙයින් අප ඒ සම්බන්ධයෙන් ද දැඩි සැලකිල්ලක් දැක්විය යුතුව ඇත.

වසන්ත අල්විස් – මාධ්‍ය ප්‍රකාශක රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය

RSL

Related Posts