රු. 5000 දීමනාව සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටින අයටත්

Spread the love

කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය නිසා ආර්ථික අපහසුතාවයට පත්ව සිටින අයට ලබා දෙන රු 5000 දීමනාව සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටින අයටද ලබා දීමට රජය තීරණය කල බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග  මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් මත ජනාධිපති කාර්යය සාධක බලකාය මෙම තීරණයට එළඹී බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

ඒ අනුව සංචාරක ක්ෂේත්‍රයේ නිරත මේ වන විට රට තුල පවතින තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින අයට ප්‍රදේශයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රී , ග්‍රාම නිළධාරීගෙන් සමන්විත කමිටුව වෙත අදාල ඉල්ලීම ඉදිරිපත් කල හැකිය. මෙම රුපියල් 5000 දීමනාව ලබා දීම සම්බන්ධයෙන් අදාල පුද්ගලයන් තෝරාගැනීම සිදු කෙරෙන්නේ එම කමිටුව මගිනි. අදාල කමිටුවට මේ සම්බන්ධ නිර්නායක රජය විසින් පැහැදිලිව දැනුම් දී ඇතැයි ද ඇමතිවරයා සදහන් කරයි.

මේ වන විට කොරෝනා වසංගතය හේතුවෙන් සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම බිදවැටී තිබේ. මේ නිසා සෘජුවම සංචාරක ක්ෂේත්‍රයේ රැකියා වල නිරතව සිටි විශාල පිරිසක් ආර්ථික අපහසුතාවයන්ට ලක්ව තිබේ. වක්‍රව සංචාරක ක්ෂේත්‍රයේ යැපෙන විශාල පිරිසක්ද ඒ අතර වේ. මේ තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹ බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

මීට අමතරව ත්‍රීරෝද රථ රියදුරන්, පෞද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්, ප්‍රාදේශිය මාධවේදීන් වැනි අයට ඇදිරි නීතිය නිසා සිය ජීවිකාව කර ගත නොහැකි සියළු පාර්ශව වලට මෙම දීමනාව ලබා දීමට රජය තීරණය කර ඇති බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටී.

RSL

Related Posts