රුසියාව Covid -19 එරෙහිව සාර්ථක එන්නතක් නිපදවයි

Spread the love

ඉන්ටර්ෆැක්ස් ප්‍රවෘත්ති ඒජන්සිය උපුටා දක්වමින් රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මුරෂ්කෝ කියා සිටියේ මොස්කව්හි පර්යේෂණ මධ්‍යස්ථානයක් වන ගමාලියා ආයතනය (Gamaleya Institute) එන්නතක් පිළිබඳ සායනික අත්හදා බැලීම් අවසන් කර ඇති බවත් එය ලියාපදිංචි කිරීම සඳහා ලේඛන කටයුතු සූදානම් කරමින් සිටින බවත් ය.

තම පර්යේෂණකයින් විසින් කොවිඩ් -19 වෛරසයට එරෙහිව සාර්ථක එන්නතක් නිපදවා ඇති බවත් ඔක්තෝම්බර් මාසයේදී කොවිඩ්-19 වෛරසයට එරෙහිව විශාල එන්නත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානම් වන බවත් රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිඛයිල් මුරෂ්කෝ (Mikhail Murashko) පවසයි.

මෙම එන්නත මුලින්ම ලබා දෙන්නේ වෛද්‍යවරුන් සහ ගුරුවරුන් වෙත බවයි ඔහු සදහන් කළේ.

නිර්නාමික ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පැවසුවේ රුසියාවේ පළමු විභව එන්නත මේ මාසයේ නියාමකයින් විසින් අනුමත කරන බවයි.

කෙසේ වෙතත්, සමහර විශේෂඥයින් රුසියාවේ වේගවත් ප්‍රවේශය ගැන සැලකිලිමත් වේ.

පසුගිය සිකුරාදා (31) එක්සත් ජනපදයේ ප්‍රමුඛ බෝවන රෝග විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුසි කියා සිටියේ රුසියාව සහ චීනය ඕනෑම කෙනෙකුට ලබා දීමට පෙර “ඇත්ත වශයෙන්ම මෙම එන්නත පරීක්ෂා කරමින් සිටින” බවයි.

මෙම වසර අවසාන වන විට එක්සත් ජනපදයට “ආරක්ෂිත හා ඵලදායී” එන්නතක් ලබා දිය යුතු බව වෛද්‍ය ෆවුසි පවසා තිබේ.

“අපට එන්නත් ලබා ගැනීම සඳහා වෙනත් රටවල් මත යැපීමට සිදුවනු ඇතැයි මම නොසිතමි‘ ඔහු එක්සත් ජනපද නීති සම්පාදකයින්ට පැවසීය.

ලොව පුරා කොරොන වයිරස් එන්නත් නිපදවා ඇති අතර 20 කට වැඩි ප්‍රමාණයක් දැනට සායනික අත්හදා බැලීම්වලට ලක්කරමින් පවතී.

ඉන්ටර්ෆැක්ස් ප්‍රවෘත්ති ඒජන්සිය උපුටා දක්වමින් රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මුරෂ්කෝ කියා සිටියේ මොස්කව්හි පර්යේෂණ මධ්‍යස්ථානයක් වන ගමාලියා ආයතනය (Gamaleya Institute) එන්නතක් පිළිබඳ සායනික අත්හදා බැලීම් අවසන් කර ඇති බවත් එය ලියාපදිංචි කිරීම සඳහා ලේඛන කටයුතු සූදානම් කරමින් සිටින බවත් ය.

“අපි ඔක්තෝම්බර් මාසය සඳහා පුළුල් එන්නත් ලබා දීමට සැලසුම් කර ඇත්තෙමු.” ඔහු පැවසීය.

පසුගිය මාසයේදී රුසියානු විද්‍යාඥයින් කියා සිටියේ ගමාලියා ආයතනය විසින් සකස් කරන ලද ඇඩිනෝ වයිරස් පාදක එන්නතක (adenovirus-based vaccine) මුල් අවධියේ අත්හදා බැලීම් අවසන් කර ඇති අතර එහි ප්‍රතිඵල සාර්ථක වූ බවයි.

2020 ජූලි 15 වන දින රුසියාවේ මොස්කව් නුවර මැදිහත්වීමේ හෘද රෝග විද්‍යාව පිළිබඳ විද්‍යා හා පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක්
ජුලි 15 වන දින රුසියානු විද්‍යාඥයින් ප්‍රකාශ කළේ ගමාලියා ආයතනය විසින් සකස් කරන ලද එන්නතක මුල් අවධියේ අත්හදා බැලීම් අවසන් කර ඇති බවයි

පසුගිය මාසයේදී එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ කැනඩාව ආරක්ෂක සේවා පවසා සිටියේ රුසියානු හැකින් කණ්ඩායම් විසින් කොවිඩ්-19 එන්නත සංවර්ධනයට සම්බන්ධ විවිධ සංවිධාන ඉලක්කර කර ඇති බවත් ඒ තොරතුරු සොරකම් කිරීමේ අදහසින් බවත්ය.

එක්සත් රාජධානියේ ජාතික සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය (National Cyber Security Centre (NCSC)  කියා සිටියේ APT29 නමින් හැඳින්වෙන කණ්ඩායම – (ඩියුක්ස් හෝ කොසි බෙයාර් The Dukes or Cozy Bearලෙසද හැඳින්වේ) මේ පිටුපස සිටින බවත් එය රුසියානු බුද්ධි අංශවලට සම්බන්ධ බවට 95%ක් විශ්වාස බවත්ය.

එක්සත් රාජධානියේ රුසියාවේ තානාපති ඇන්ඩ්‍රි කෙලින් එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් බීබීසීයට කියා සිටියේ “එහි කිසිදු හැඟීමක් නැති” බවයි.

එක්සත් රාජධානියේ, ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් කරන ලද එන්නතක අත්හදා බැලීම් මගින් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇති කළ හැකි බව පෙන්වා දී ඇති අතර බ්‍රිතාන්‍යයේ පමණක් මාත්‍රාව මිලියන 100 ක් සැපයීම සඳහා ඇස්ට්‍රාසෙනෙකා (AstraZeneca) සමඟ ගිවිසුමක් අත්සන් කර තිබේ.

කොරෝනා වයිරස් එන්නත: අප කෙතරම් සමීපද, එය ලබා ගන්නේ කාටද?

2020 අගෝස්තු 01 වැනි දින බී.බී.සී. වාර්තාවක් ඇසුරිණි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

RSL

Related Posts