රුසියානු කොවිඩ් එන්නත ගැන රජයේ ස්ථාවරය පවිත්‍රා හෙළි කරයි

Spread the love

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මතේරි (YURY B.MATERIY) මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අතර විශේෂ හමුවක් අද දින (21) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදු විය.

විශේෂයෙන් මෙහිදී කොවිඩ් 19 වෛරස් රෝගය මර්දනයෙදී රජයක් ලෙස ශ්‍රී ලංකා රජය ගත් ක්‍රියා මාර්ග නිසා ශ්‍රී ලංකාවට එය සාර්ථකව මර්ධනය කිරීමට හැකිවූ බව සිහිපත් කල තානාපතිවරයා  ඒ වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයටත් ඒ සදහා නායකත්වය දුන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටත් රුසියානු රජයේ ප්‍රසංසාව පල කර සිටියේය.

කොවිඩ් වෛරස ප්‍රතිකාර හා මර්ධනය  සදහා රුසියාව විසින් නිපදවනු ලැබූ  නව එන්නත පිළිබදවද තානාපතිවරයා විසින් අමාත්‍යවරිය දැනුවත් කල අතර එම එන්නත පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවශ්‍ය නිර්දේශ  සහ අනුමැතිය ලැබුනු පසු ශ්‍රී ලංකවේ කොවිඩ් මර්ධනය හා ප්‍රතිකාර කටයුතු සදහා එම ඒන්නත භාවිතා කිරීමට කටයුතු කරන බව අමාත්‍ය  පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය රුසියානු තානාපති යූරි මතේරි (YURY B.MATERIY) මහතා හට  අවධාරණය කළාය.

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් බිහිකිරීම සදහා රුසියානු රජය ශිෂ්‍යත්ව ලබා දෙමින් විශාල මෙහෙයක්, සේවාවක් සිදුකල බැවින් ඒ් සදහා ශ්‍රි ලංකා රජයේ විශේෂ ස්තූතිය පුද කර සිටින බව මෙහිදී අමාත්‍යතුමීය සදහන් කළාය.

මේ පිළිබදව අදහස් දක්වමින් රුසියානු තානාපති යූරි මතේරි (YURY B.MATERIY) මහතා සදහන් කලේ දෙරට අතර පවතින දීර්ඝ කාලීන මිතුදමේ ප්‍රතිලඑලයක් ලෙස මෙරට වෛද්‍යවරුන් හා අනෙකුත් කාර්යය මණ්ඩල වලට  වැඩිදුර අධ්‍යාපනය සදහා රුසියාවේ ශිෂ්‍යත්ව ක්‍රමයක් කඩිනමින් ආරම්භ කිරීමට   කටයුතු කරන බවය.

මෙම අවස්ථාවට ශ්‍රි ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබද ලේකම් Rostislav LENCHUK  මහතාද මෙම අවස්ථාවට ඒක්විය.

RSL

Related Posts