සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍යධුරය දරන සමයේ හම්බන්තොටින් 4500ක් කොළඹට රැගෙනවිත් ඔවුන්ගේ රැකියා ස්ථිර නොකර පින්පඩි දුන් බවත් අද එම තරුණයින් අනාථ වී සිටින බවත් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
මෙහිදී රවී කරුණානායක මහතා කියා සිටියේ යම් අයෙක් එක්සත් ජාතික පක්ෂයට අභියෝග කිරිම අලියාගේ ඇගට මැස්සෙක් වැහුවා මෙන් දැනෙන්නේ නැති බවයි.
රවි කරුණානායක මහතා එ බැව් කියා සිටියේ (22) දින හැටන් නගරයේ පැවති නුවරඑලිය දිස්ත්‍රික්ක එක්සත් ජාතික පක්ෂ අපෙක්ෂකයින්ගේ ජය තහවුරු කිරිම සදහා පැවති රැස්විමක් අමතමිණි. මෙම රැස්විමේදි අදහස් දැක් වු රවි කරුණානායක මහතා මෙසේද සදහන් කළේය.
‘එක්සත් ජාතික පක්ෂය කියන්නේ සියළු ජාතින් එකතු කරන පක්ෂයක්. තව එකතු කරන පක්ෂයක් ලංකාවේ කොහේවත් නැ. අනිත් පක්ෂ ජාති ආගම් මුල්කරගත් පක්ෂ වෙන්න පුළුවන්. ජාතික සමගිය එකතු කරන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට පමණයි.
පසුගිය අවුරුදු පහේ අපි සිඝ්‍ර සංවර්ධනයක් සිදු කරා , හම්බන්තොට දිස්ත්‍රික්කයට සිමා වෙලා තිබුණු සංවර්ධනය අපි රට පුරාවටම සිදු කලා. සමහර අය හිතනවා එක්සත් ජාතික පක්ෂය තුලට ඇවිල්ලා අලියා කුලියට අරන් තරග කරලා දිනන්න.
සමහර අය කියනවා වතු කම්කරුවන් වතු හිමියන් කරනවා කියලා , එතකොට වතු හිමියන් වතු කම්කරුවන් වෙනවද? එ වාගේ ලාබාල ප්‍රකාශ නොකර, කරන්න පුළුවන් ප්‍රකාශ පමණයි එක්සත් ජාතික පක්ෂය කරන්නේ.
හැම පවුලකටම රුපියල් විසිදහසක් දෙනවලු. හැම පවුලකටම රු විසිදහස ගානේ දෙන්න මාසෙක රු කොටි දොලොස්දහස් පන්සියයි. එහෙම දුන්නම කවුද රාජ්‍යය සේවකයාගේ වැටුප ගෙවන්නේ? ණය ගෙවන්නේ ? මේ වගේ ප්‍රකාශ මොන්ටිසොරි ළමයෙක්වත් කරන්නේ නැ.
සජිත් ප්‍රේමදාස අපේ ආණ්ඩු කාලේ අමාත්‍යංශයේ ඉන්නකොට හම්බන්තොටින් හාරදහස් පන්සියක් කොළඹ ගෙනල්ලා රැකියා දිලා ස්ථිර කරන්නේ නැතුව පින් පඩි දුන්නා. අද එ අය ගෙදර ඉන්නේ.
පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජය විම තුලි අපිට එක්සත් ජාතික පක්ෂය අලුත් වෙලා තියෙනවා, නව මුහුණු එලියට ඇවිල්ලා තියෙනවා, අපිට තිබුණු වැරදි හරි ගස්සගන්න අවස්තාව ඇවිල්ලා තියෙනවා. යම් අය එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරාට ඒක නිකම් අලියාගේ ඇගට මැස්සෙක් වැහුවා වගේ දැනෙන්නේ නැ‘