රනිල් හෙණ්ඩුව අත හරින්න සූදානම්: පක්ෂ නායකත්වයට බල අරගලය ඇරඹෙයි

Spread the love

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කළ බවත් නව නායකයා පිළිබද තීරණය ලබන බදදා දැනුම් දෙන බවත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පැවසීය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් අප සමග කියා සිිටියේ අද (10) එජාප මූලස්ථානයේ, සිරිකොත මන්දිරයේ පැවැති විශේෂ සාකච්ඡුාවකදී එජාප නායකයා තම තීරණය දැනුම් දුන් බවයි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ එජාප ජ්‍යෙෂ්ඨයා මෙසේද පැවසුවේය. ‘එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් කඩිනම් තීරණයක් ගැනීම සදහා අද පෙරවරුවේදී රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ රැුස්වීමක් පැවැත් වුණා. ඒ සදහා එජාපයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සහ පක්ෂයේ නිලධාරී මණ්ඩලය සහභාගී වුණා. එහිදී පක්ෂයේ වත්මන් තත්ත්වය සහ අනාගතය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වුණා.

ඒ අවස්ථාවේ තමයි රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කිව්වේ තමන් නායකත්වයෙන් ඉවත්වීමට සූදානම් බවත් ලබන බදාදා නව නායකයෙක් නම් කරන බවත්. මෙහිදී නායකතුමා සාකච්ඡාවට පැමිණ සිටි අයගෙන් ඉල්ලීමක් කළ පක්ෂයේ නායකත්වය භාර ගැනීමට සූදානම් අයෙක් සිටී නම් ඉදිරිපත් වෙන්න කියලා.

එහිදී බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණ විදිහට අකිල, දයා ගමගේ, රවී වගේම වජිරත් තමන් පක්ෂ නායකත්වය භාර ගැනීමට සූදානම් බව ප‍්‍රකාශ කළා. ඒ නිසා නායකතුමාට ඒ අවස්ථාවේ තීරණයක් ගැනීමට නොහැකි වුණා. ඒ නිසා අදාළ තීන්දුව ලබන බදාදා දැනුම් දෙන බව ප‍්‍රකාශ කළා‘

මේ අතර අප සමග අදහස් දක්වමින් තවත් එජාප ප‍්‍රබලයෙක් කියා සිටියේ අද පක්ෂ නායකත්වය භාර ගැනීමට ඉදිරිපත් වූ කිසිවෙකුට ඒ සදහා පොදු අනුමැතිය හිමිවනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවයි.

‘අපි දැන් බින්දුවෙන් පටන් ගත යුතුයි. තුනෙන් දෙකේ ආණ්ඩුවක් සමගයි අපිට හැප්පෙන්න වෙන්නේ. පාර්ලිමේන්තු නියෝජනයක් වගේම අපිට ප‍්‍රාදේශීය සභා නියෝජනයක් පවා නැහැ. හැමදේම විනාශ වෙලා. ඒ නිසා ඒ හැම දෙයක්ම අලුතින් පටන් ගන්න පුළුවන්, ජනතාව විශ්වාස කරන නායකයෙක් තමයි අපිට අවශ්‍ය කරන්නේ. ඒ නිසා ලබන බදාදත් අවසන් තීන්දුවක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ’ යැයි ප‍්‍රකාශ කළේය.

මේ අතර පසුගිය දා මාධ්‍ය කිහිපයක් හෙළි කළේ එජාප නායකත්වය නියම සුදුස්සා හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා බවයි. ආණ්ඩුවට බියක් නැති, ආණ්ඩුව අභියෝග කළ හැකි එකම පුද්ගලයා ඔහු පමණක් බව එජාප ජ්‍යෙෂ්ඨයින් සහ තරුණ කණ්ඩායම්වල මතය උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තාකර තිබුණේය.

RSL

Related Posts