රට ලිහිල් කළත් සමාජ දුරස්ථභාවය අඛණ්ඩව සිදුවිය යුතුයි – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

Spread the love

‘දැන් මෙම රට එක්තරා ප්‍රමාණයකට ලිහිල් කරලා තිබෙන අවස්ථාවක විශේෂයෙන්ම කියන්න ඕනේ  යම් යම් සීමාවන් තිබෙනවා. ජනතාව පහුගිය කාළය තුළ ඉගෙන ගත් දේ ඒ වගේම හොඳ පුරුදු යහගුණයන් දිගටම රැගෙන යාම අත්‍යවශ්‍ය වෙනවා. මේ රෝගය සම්පූර්ණයෙන් නැතිවෙලා නැහැ. මේ සඳහා යම් කාළයක් ගතවෙයී. මෙහිදි මෙම රෝගය වැඩීවීම වැළැක්වීම සඳහා මෙම උපදෙස් එහෙමත් නැතිනම් පිළිවෙත් අනුගමය කිරිම අත්‍යවශ්‍ය වෙනවා“ යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සදහන් කළේ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (22) දින පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. මේ මාධ්‍ය හමුව සදහා සෞඛ්‍ය අමාත්‍යවරිය සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද සහභාගී වී සිටීයහ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙසේද පැවසුවේය.

අද දින කොවිඩ් 19 රෝගීන් 12 දෙනෙකු හමුවී තිබෙනවා. මෙම පුද්ගලයන්ගෙන් 11 දෙනෙකු පූනානී බ්‍රැරැන්ඩෙක්ස් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි උදවිය. මෙම පුද්ගලයන් බේරුවල ප්‍රදේශයේ උදවිය ඒ වගේම තවත් රෝගියෙකු පෙලොන්නරුව රෝහලෙන් හමුවී තිබෙනවා.

විශේෂයෙන්ම කොළඹ නගර සීමාවේ ඇතැම් ස්ථාන වලදී මෙම රෝගීන් හමුවීමත් සමග ඊයේ දිනයේ කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සමග සාකච්ඡාවක් පවත්වා ඒ අනුව මේ කොළඹ පවතින වතු වශයෙන් හැදින්වෙන සියළුම ස්ථාන වල අහඹුලෙස PCR පරීක්‍ෂණ සඳහා සාම්පල් ලබාගැනීමට තීරණය කරා.

ඒ වගේම කොළඹ නගර සභාවේ රාජකාරීන් සඳහා විවිධ ස්ථානවලට වලට වාර්ථා කරනවා සැලකිය යුතු පිරිසක් ඒ අය එම වාර්ථා කරන ස්ථානයවලදී PCR පරික්‍ෂණ සිදු කිරිමට තීරණය කරා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහයෝගය කොළඹ මහනගර සභාවේ සෞඛ්‍ය අංශය වෙත ලබාදීමට තීරණය කර කරනු ලැබුවා.

ඒ වගේම අද දින විශේෂයෙන් පිළියන්දල රෝගියා හමුවීමෙන් පසු ඇතිවූ තත්ත්වයන් ඔස්සේ පැළියගොඩ මාළු වෙළඳපොලෙහී 530 ක් පමණ සාම්පල් අරන් තියනවා. මෙම සාම්පල් ප්‍රමාණය එක් ස්ථානයකින් පැයකිහිපයක් තුළ ගනු ලැබු වාර්ථාගත ප්‍රමාණයක්.

ඒ වගේම ඊයේ දිනයේ පන්නිපිටි ප්‍රදේශයේ පෞද්ගලික ආරෝග්‍ය සාලාවකින් සාම්පල් 62 ක් ගනු ලැබුවා. එම සාම්පල් 62 කම කොවිඩ් 19 වෛරස් ආසාදිතයන් නොවන බවට දැනට වාර්ථාවී තිබෙනවා.

ඒ වගේම බණ්ඩාරනායකපුර සහ අනෙකුත් වතු වශයෙන් හදුන්වන රෝගින් හමුවුණ සහ හමු නොවුනු එම ප්‍රදේශවලත් අද දින PCR පරික්‍ෂණ සඳහා සාම්පල් ලබාගැනීම සිදු කරලා තියනවා.

ඒ වගේම දැනට මේ එම පූනානී මධ්‍යස්ථාන ඇතුළු එම මධ්‍යස්ථාන වලින් හමුවූ රෝගීන් කාන්තන්කුඩි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලැබූවා.මේ තමයි අපේ නවතම මධ්‍යස්ථානය කොවිඩ් රෝගීන් සඳහා දැන් එහි 30 කට අධික රෝගීන් ප්‍රමාණයක් ප්‍රතිකාර ගනිමින් සිටිනවා.

දැන් මෙම රට එක්තරා ප්‍රමාණයකට ලිහිල් කරලා තිබෙන අවස්ථාවක විශේෂයෙන්ම කියන්න ඕනේ  යම් යම් සීමාවන් තිබෙනවා. ජනතාව පහුගිය කාළය තුළ ඉගෙන ගත් දේ ඒ වගේම හොඳ පුරුදු යහගුණයන් දිගටම රැගෙන යාම අත්‍යවශ්‍ය වෙනවා. මේ රෝගය සම්පූර්ණයෙන් නැතිවෙලා නැහැ. මේ සඳහා යම් කාළයක් ගතවෙයී. මෙහිදි මෙම රෝගය වැඩීවීම වැළැක්වීම සඳහා මෙම උපදෙස් එහෙමත් නැතිනම් පිළිවෙත් අනුගමය කිරිම අත්‍යවශ්‍ය වෙනවා.

එහිදි ප්‍රවාහනයේදී අනෙකුත් රැකියා කරන ස්ථාන වලදී ඒ වගේම පාරතොටෙදී වෙළද ස්ථානයන්හීදී මේ හැම අවස්ථාවකම සමාජයේ දුරස්ථභාවය පිරිසිදු භාවය අත්සබන් දමා සේදීම ඇතුළු සියළු කාරනා ඉටුකිරිම වැදගත් වෙනවා. ඒවගේම මේවන විට තීරනය කර තිබෙනවා. උදාහරනයක් හැටියට ත්‍රීරෝද රථයක දෙදෙනෙකුට තමයි ගමන් කල හැකි වන්නේ ඊට වැඩී පිරිසකට ත්‍රි රෝද රථයක ගමන් කිරිමට හැකියාවක් නැහැ.

ඒ වගේම බාබර් (SALOON) සාප්පු තවදුරටත් වසාදැමීමට තීරනය කරලා තියනවා. රෝහල් අසල බොහෝ විට තියන කුඩා වෙළද කුටි කැම ආහාර වැනී ඒ සාමාන්‍ය සමීපාරක්‍ෂක තත්ත්වයේ හීන එම සියළුම ස්ථාන තවදුරටත් වසාතැබීමට තීරණය කරලා තියනවා. මේ වගේම මේ සීමාවන් තුළ ආපනශාලා විවෘත කර ඒ වෙතින් නිම කරන ලද ආහාර එම ස්ථානයෙන් රැගෙන ගොස් පරිභෝජනයට ගැනීමට.

RSL

Related Posts