යොවුන් ජවය මැන බලන 23 න් පහළ ක්‍රිකට් 16 දා ඇරඹෙයි

Spread the love

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන වයස අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් සැප්තැම්බර් මස 16 වැනිදා ආරම්භ වේ. ඔක්තෝම්බර් මස 11 වැනිදා අවසන් වීමට නියමිත මෙම තරගාවලිය එක්දින තරගාවලියක් ලෙසින් පැවැත්වෙනු ඇත.

ඉකුත් වසරට සාපේක්ෂව මෙවර තරගාවලියේදී කණ්ඩායම් 2 කගේ වැඩි වීමකින් හෙවත් කණ්ඩායම් 26 ක් තරග වැදීමට සුදුසුකම් ලබා සිටින අතර තරගාවලිය කාණ්ඩ 4 ක් යටතේ තරග වදිනු ඇත. ඒ අනුව A සහ D කාණ්ඩ යටතේ කණ්ඩායම් 7 බැගින් වන අතර B සහ C කාණ්ඩ දෙකෙහි කණ්ඩායම් 6 බැගින් ඇතුළත්ව සිටියි.

මෙම තත්ත්වය මත A සහ D කාණ්ඩ වලට මූලික වටයේ තරග 6 කටත් B සහ C කාණ්ඩවලට තරග 5 කටත් බැගින් ක්‍රීඩා කළ යුතු වන අතර අදාළ කාණ්ඩවල ඉහළම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායම් ඔක්තෝබර් 07 වැනිදා පැවැත්වීමට නියමිත අර්ධ අවසන් තරග වටයට සුදුසුකම් ලබනු ඇත.

මෙවර තරගාවලිය සඳහා ඉකුත්දා නිමාවට පත් වුණු අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන ලද ක්‍රීඩකයින් මෙන්ම වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කරන ලද ක්‍රීඩකයින් රැසක් මෙම තරගාවලිය නියෝජනය කරනු ඇත.

අවසන් වසරේ පැවැති තරගාවලියේ ශූරතාව කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය විසින් දිනා ගනිද්දී හලාවත මේරියන්ස් පිල එහි අනුශූරයින් බවට පත්විය.

by – sri lanka cricket

RSL

Related Posts