මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඇමතිවරුන්ට හා නිලධාරීන්ට දෙහි කපති

Spread the love

ආණ්ඩුවේ සිටින සියලුම අමාත්‍යවරුන් සහ නිලධාරීන් ජනතාවට නම්‍යශීලි විය යුතු යැයි ‘පැවිදි හඬ සංවිධානයේ’ කැඳවුම්කරු පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අවධාරණය කරති.

අද (03) දින පැවැති මාධ්‍ය හමුවකදී ආනන්ද හිමියෝ මේ බව සඳහන් කළහ. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ආනන්ද හිමියෝ කියා සිටියේ මහජන මතයට කන් නොදෙන අමාත්‍යවරුන් හා නිලධාරීන් යහපාලන ආණ්ඩුවට සිදුවූ දේ ආදර්ශයට ගත යුතු බවයි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් උන් වහන්සේ මෙසේ ද සඳහන් කළහ.

සමහර ඇමතිවරු ඉන්නවා දුරකථනයට කථා කරන්නේ නැහැ, සමහර ඇමතිවරුන්ට කථා  කරන්නවත්, පුළුවන්කමක් නැහැ. මේ මම හිතනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  “සෞභාග්‍යයේ දැක්මට“ මේවා ගැළපෙන ඒවා නෙමෙයි”

“ඇමතිවරු පත්කරේ ජනතාව, ජනතාවට මේ අය සේවකයෝ වෙන්නට ඕනේ, නම්‍යශීලි වෙන්නට  ඕනේ, ඇමතිලා හමුවෙන්න යන විට ඔවුන් හමුවෙන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. මෙය  රටේ රාජ්‍ය නායකතුමාට මතක් කරනවා”

“මේ ඇමතිවරු ජනතාවට නම්‍යශීලි වෙන්න ඕනේ, ජනතවගේ ඕනෑ එපාකම් ඉටුකරන්න ඕනේ, ජනතා සුභසිද්ධිය ගැන බලන්න ඕනේ, කාර්යාලයක නිලධාරීයෙක් හමුවෙන්නට යන විට ඔහු පුටුවේ නැහැ, වෙන දවසක එන්න කියලා කියනවා, නිලධාරියෙක් ළඟට ප්‍රශ්නයක් ගෙන ගියාම ඒ ප්‍රශ්නයට විසඳුම් හොයාගෙන සුමානයක් ඔහු ළඟට යන්නට ඕනේ”

“ඒ නිසා මේ මහජන මතය හැමදාම එක පැත්තකට තිබෙන මතයක් නොවෙයි. මහජන මතයට කන්දෙන්න. මහජන මතයට පයින් ගහන්න එපා, නැත්නම් ඔබටත් වෙන්නේ යහපාලන අණ්ඩුවට වුණ දේ”  

RSL

Related Posts