මුරලිදරන් ‘අයියා’ වෙනුවෙන් පොහොට්ටුවේ මැතිවරණ වේදිකාවට නගී

Spread the love

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැඩි ඉල්ලීම මත තම සහෝදරයා වන මුත්තයියා ප්‍රභාකරන් ජනතාවට සේවය කිරීම පිණිස දේශපාලනයට යොමු කළ බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි.

තමා ක්‍රීඩකයෙක් වශයෙන් මිනිසුන්ට උදව් කිරීමට බොහෝ සෙයින් ප්‍රිය කරන බව ද පැවසු මුරලිදරන් තමාට හෝ සහෝදරයාට කිසි දිනක මුදල් වැදගත් නොවන බවත් අවශ්‍ය වන්නේ මහජනතාවට උදව් කිරීම පමණක් බවද මෙහිදී වැඩි දුරටත් සඳහන් කළා.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ තරග කරන මුත්තයියා මුරලිදරන් මහතාගේ සහෝදරයා වන මුත්තයියා ප්‍රභාකරන් මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ඊයේ (01) මස්කෙලිය ප්‍රදේශයේ පැවති ප්‍රචාරක රැස්විමකට එක් වෙමින් මුත්තයියා මේ බව ප‍්‍රකාශ කළා.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මුත්තයියා මුරලිදරන් මහතා, ‘මම දේශපාලනය ගැන දන්නේ නැහැ. ඒනිසාම මම දේශපාලනය කරන්න කැමති නැහැ. ඒත් ගෝඨාභය රාජපක්ෂ කියන්නේ වැඩකරන නායකයෙක්. ඒ නිසා එතුමාගේ ඉල්ලීම ඉවත දැමීමට බැහැ. ඒ නිසා තමයි මම මා වෙනුවට මගේ සහෝදරයා දේශපාලනයට යොමු කළේ.

RSL

Related Posts