මහ මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් නිශ්චිත තීන්දුවක් ගැනීම සදහා තව සති දෙකකින් මැතිවරණ කොමිසම රැස්වන බව මැතිවරණ කොමිෂන් සභාව අද (2) පැවසුවා.
දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමග මැතිවරණ කොමිෂන් සභාවේදී අද පැවැති සාකච්ඡාවේ දී මේ සම්බන්ධයෙන් තීරණය ගත් බවයි වාර්තා වන්නේ.
දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර අද පැවැති සාකච්ඡාවේදී නියම කළ පරිදි ජූනි 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුවට සහාය දෙන දේශපාලන පක්ෂ ලේකම්වරුන් සිය එකගතාව පළ කළත් විපක්ෂයේ ලේකම්වරුන් ඊට දැඩි විරෝධය පළ කළා.
ඔවුන් අවධාරණය කළේ කොවිඩ්-19 වසංගතය ගැන නිවැරදි සහතිකයක් සෞඛ්‍ය අංශ වෙතින් ලබා දෙන තෙක් මහ මැතිවරණය පැවැත්වීමට තමන් දැඩිව විරුද්ධ වන බවයි.
මේ ගැටලුකාරී තත්ත්වය මතයි තවත් සති දෙකකට පසු මැතිවරණ කොමිෂම රැස්වී ඒ ගැන තීන්දුවක් ගැනීමට පියවර ගෙන ඇත්තේ.